Updates – බූවැලිකඩ අනතුර.. කාටවත් කියන්න වෙලාවක් තිබ්බෙ නැහැ.
පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය… අපි ටීවී බලලා නිදාගන්න ගියා.එතකොට වෙලාව පාන්දර 1.00 ට විතර ඇති.පාන්දර ලොකු එකපාරට ලොකු සද්දයක් ආවා කොහෙන්ද කියලා හිතාගන්න බැරිවූණා.ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර දෙන්නා ටෝච් ගහලා අපට කතාකරලා කිව්වා පහළ කොන්ක්රිට් කණු කැඩෙනවා වගේ කියලා.ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැණුනා.පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට එන්න කියලා.මම ෂර්ට් එකක් හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළියට පැන ගත්තා.පුතා ගෙයින් එළියට පැනලා බල්ලන්ගේ කූඩුවත් ඇරගෙන වාහනය පාරට දාලා තිබුණේ.මම දුවගෙන යද්දි නෝනයි දුවයි පුතායි පාරේ. අපි බලා ගෙන ඉද්දිම ගේ සම්පූර්ණයෙන්ම පහළට ඇදගෙන ගියා.කාටවත් කියන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.