UPDATES, අකුරණ රෝගියා පවුලටම කොරෝනා බෝ කරයි.

 UPDATES, අකුරණ රෝගියා පවුලටම කොරෝනා බෝ කරයි.

කොරෝනා රෝගියෙකු ලෙස හඳුනාගත් අකුරණ රෝගියාගේ බිරිඳ, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳටත් කොරෝනා වයිරසය ආසාධනය වූ බව තහවුරු වී තිබෙනවා. මහනුවර මහ රෝහ⁣ලේ අධ්‍යක්ෂ සමන් රත්නායක ඒ බව තහවුරු කරමින් කියා සිටියේ ඔවුන් සම්බන්ධ දෙවැනි පරීක්ෂණ වාර්තාවලින් ඒ බව තහවුරු වූ බවයි. මීට පෙර මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා පැවසුවේ ඔවුන්ගේ මුල් පරීක්ෂණ වාර්තාව නෙගටිව් බවයි.

ඉන්දියාවට ගොස් පැමිණි මෙම ව්‍යාපාරිකයා නිරෝධායනය මඟ හැරි පුද්ගලයෙක් බව වාර්තා වෙනවා. මේ වනවිට ඔහු වෙසෙන අකුරණ ප්‍රදේශයම ඇතුල්වීම හා පිටවීම තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා. ඇඳිරි නීති අවස්ථාවේ පොලිස් මාර්ග බාධකයක් පසුකළ ඔහු පවසා තිබුණේ රෝගියෙක් බලන්නට රෝහලට ගිය බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *