UPDATE මහනුවරින් හමුවූ රෝගියා තොරතුරු හංගලා.

මහනුවර දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා රෝගියා ලෙස වාර්තා වූ තැනැත්තා විදෙස්ගතව සිට පැමිණි අයෙකු වන නමුත් ඒ බව වසං කර ඇති බව වාර්තා වේ. මහනුවර අකුරණ පදිංචි සපත්තු ව්‍යාපාරිකයෙකු වන ඔහු පසුගිය මාර්තු 12වෙනිදා ඉන්දියාවට ගොස් 15වෙනිදා නැවත පැමිණ තිබේ. එහෙත් ඒ බව බලධාරීන්ට සැඟ වූ ඔහු නිරෝධායනය වී නොමැත. අද උදෑසන උණ සහ කැස්ස නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ හෙතෙම කොවිඩ් 19 වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම නිසා IDH රෝහල වෙත යොමුකර ඇත. මේ වනවිට ඔහුගේ පවුලේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු උණ රෝගය නිසා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.