TRCSL එනවනම් කියල එන්න

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත රාජකාරී කටයුතු වෙනුවෙන් පැමිණෙන අපගේ පාරිභෝගිකයන් එසේ පැමිණිය යුත්තේ කලින් වෙන්කරගත් දින වේලාවන් අනුවය. ඒ සඳහා අපගේ ඍජු දුරකතන අංකය වන 1900 මගින් අප ඇමතීමෙන් වේලාවක් වෙන්කරගත හැකිය. ඔබේ ඉල්ලීමට අදාලව කටයුතු කරණ අංශය ඔබට පැය 2 ක් ඇතුළත නැවත අමතා හමුවීමක් සඳහා වේලාවක් ලබා දෙනු ඇත. නැතහොත් හැකි නම් ඔන්ලයින් මගින් විමසා ඔබේ ගැටළුව නිරාකරණය කිරීමට සහාය වනු ඇත. අපගේ සේවාලාභීන් ගේ මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේද උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වේ. මාර්තු මාසයේදී සක්‍රිය කර ඇති අපගේ සේවා ඉල්ලීම් ඊමේල් වන vendorservices@trc.gov.lk – බලපත්‍රලාභී, ලියාපදිංචි වු අලෙවිකරුවන් සඳහා අවශ්‍ය සේවා ඉල්ලීම් වෙනුවෙන් භාවිතා කළහැකිය.
individualservices@trc.gov.lk – පෞද්ගලිකව ගෙන්වන උපකරණ නිෂ්කාශන කරගැනීමට කෙරෙන ඉල්ලීම් ආදිය සඳහා භාවිතා කළහැකිය
consumercomplaints@trc.gov.lk – පැමිණිලිකිරීම්, සේවා අවශ්‍යතා හෝ පැහැදිලි කරගැනීම් සඳහා දිගටම භාවිතා කළ හැකි අතර අපගේ කණ්ඩායම් දිගටම ප්‍රතිචාර දක්වමින් අදාල කාරණාවන්ට සහාය වනු ඇත. අපගේ සේවාවන් සම්බන්ධයෙන් වන ඕනෑම පැමිණිල්ලක් සඳහා කරුණාකර cc@trc.gov.lk විද්‍යුත් තැපෑල භාවිතා කරන්න.