ඉන්ටර්නෙට් සාගරේ නොගිලී පිහිනමුද? දුර්වල “පාස්වර්ඩ්” වෙනුවට සවිමත් විකල්පයක් …….

 ඉන්ටර්නෙට් සාගරේ නොගිලී පිහිනමුද? දුර්වල “පාස්වර්ඩ්” වෙනුවට සවිමත් විකල්පයක් …….

ඔබේ පාස් වර්ඩ් එක ශක්තිමත්ද ?

ඔබත් පාස්වර්ඩ් එකකට හෝ කිහිපයක හිමිකරුවකු වනු නොඅනුමානය. ඔබේ ඊ මේල් එකට සෝෂල් මීඩියා එකවුන්ට් වලට දමා ඇති පාස්වර්ඩ් මතකයට ගන්න. ඔබට පාස්වර්ඩ් සම්බන්දයෙන් ඇති එකම ගැටලුව ඒවා මතක තබා ගැනීම නොවේද ? එබැවින් ඔබ බොහෝවිට භාවිතා කරන්නේ ඔබට පහසුවෙන් මතක තබාගත හැකි නමක්, උපන් දිනයක්, හැදුනුම්පත් දුරකථන අංකයක්‌ වැනි තමාට ඉතා සමීප තොරතුරක් නොවේද ? එසේනම් ඔබ ඔබේ පහසුව වෙනුවෙන් ඔබේ ආරක්ෂාව ඉතාමත් අවදානම් තත්වයකට දමා ඇතිබව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

එසේනම් ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්නේ කෙසේද ?

ඔව් ඒක හරිම ලේසියි. නමුත් මම කියාදෙන්නේ ‘පාස්වර්ඩ් – password’ එකක් වෙනුවට වඩා ශක්තිමත් ‘පාස්ප්රේස් – passphrase ‘ එකක් එහෙමත් නැතිනම් මුරපදයක් වෙනුවට මුරපද ඛණ්ඩයක් සාදාගන්නා අන්දමයි.

පාස්වර්ඩ් – පාස්ප්රේස් හදාගන්නට පෙර දැනගතයුත්තේ මොනවාද ?

මම පොඩි කරුණු කිහිපයක් කියන්නම්. පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තියෙනවා
01. ඔබේ පාස්වර්ඩ් එක අවම වශයෙන් අකුරු 8ක් හෝ ඊට වැඩිවිය යුතුය. අක්ෂර ගණන් වැඩිවන විට එය බිදහෙළීමට ඇති හැකියාව අඩු වේ. පාස්ප්රේස් එකක් නම් අකුරු 16 හෝ ඊට වැඩියෙන් ගැනීම සුදුසුය.
02. ඩික්ෂනරියේ ඇති වචන භාවිතා නොකරන්න. (උදා – tree, dog, house වැනි ඩික්ෂනරියේ ඇති වචන)
03. තමාගේ ජිවිතයට අතිශය සමීප තොරතුරු (උදා -නමක්, උපන් දිනයක්, හැදුනුම්පත් දුරකථන අංකයක්‌ වැනි) භාවිතා නොකරන්න
03. එක පෙලට ඇති අක්ෂර හෝ අංක භාවිතා නොකරන්න. (උදා – abcde, pqrst, 12345)

පාස්වර්ඩ් එකක් සාදාගැනීමට භාවිතා කිරීමට හැකි අකුරු මොනවාද ?

ගොඩක් තියනවා. මේවා කවලමේ භාවිතා කිරීමෙන් ශක්තිමත් පාස්වර්ඩ් – පාස්ප්රේස් හදාගන්නට පුළුවන්
01. ඉංග්‍රීසි හෝඩියේ a -z අකුරු 26 වගේම A -Z අකුරු 26ත් භාවිතා කරන්න පුළුවන්
02. 0-9 දක්වා ඉලක්කම්
03. @#$%& වැනි සංකේත

අපි එහෙනම් පාස්ප්රේස් – passphrase එකක් හදමුද ?

මන් මුලින් කිව්වා වගේම අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වැකියක් මතක් කරගන්න. (උදා – මම බත් කන්න ආසයි)
01. ඔබේ වැකි පෙළ සිංහලෙන් ලියාගන්න – මම බත් කන්න ආසයි
02. එම වැකි පෙළ සිංග්ලිෂ් වලින් ලියාගන්න – mama bath kanna asayi
02. දැන් අපි ඉහතින් කි පරිදි අකුරු, ඉලක්කම් හා සංකේත යොදමින් එය වඩා ශක්තිමත් කරගන්න – M@m@B@thK@nn@Asay1 (මම මෙහිදී සෑම වාක්‍යකම පළමු අකුර ලෙස කැපිටල් අකුරක් යොදාගෙන ඇති අතර a ඇති තැන්වලට @ සලකුණත් i අකුර වෙනුවට 1 ඉලක්කමත් යොදාගෙන ඇත.)

දැන් හරිද ?

ඔව් බොහෝදුරට ඉවරයි. නමුත් ශක්තිමත් පාස්වර්ඩ් – පාස්ප්රේස් හදාගත් පමණින් ඔබ ආරක්‍ෂිත නොවේ. පහත කරුණු පිළිබද සැලකිලිමත් වන්න.
01. ඔබේ පාස්වර්ඩ් – පාස්ප්රේස් තවත් කෙනෙකු සමග හුවමාරු කරගන්න එපා
02. ඔබේ පාස්වර්ඩ් – පාස්ප්රේස් ලියාතබාගත යුත්තේ ඔබේ මතකයේ පමණයි
03. ඔබේ සියලු එකවුන්ට වලට එකම පාස්වර්ඩ් – පාස්ප්රේස් එක භාවිතා කරන්න එපා
04. අවම වශයෙන් මාස දෙකතුනකට වරක් පාස්වර්ඩ් – පාස්ප්රේස් වෙනස් කරගන්න
05. ඔබේ පරිගණකයේ හෝ ස්මාට් ෆෝන් එකේ ඇප්ස් වල පාස්වර්ඩ් සේව් කර ඇත්නම් – පරිගණකය හෝ ස්මාට් ෆෝන් එක කිසියම් අයුරකින් ලොක් කරන්න (password/fingerprint/pattern) ඔබේ උපාංග තවත් අයට භාවිතා කරන්න දෙන්න එපා.

වැඩිදුර කරුණක් කියන්නද ?

ඔබ සාදාගන්න පාස්වර්ඩ් – පාස්ප්රේස් කොතරම් ශක්තිමත්දයි පරික්ෂා කිරීමට passfault.com වෙත පිවිසෙන්න. එහි ඔබ සාදාගත් මුරපදය යෙදීමෙන් එය බිදහෙළීමට කෙතරම් කාලයක් ගතවෙයි දැයි පෙන්වාදෙනු ලැබේ. මෙම වෙබ් අඩවියට ඔබ භාවිතාකිරීමට යන පාස්වර්ඩ් – පාස්ප්රේස් එකම නොයොදා එයට ආසන්න එකක් යොදා ශක්තිය පිරික්සා බලන්න.
උදා – පාස්වර්ඩ් එකක් – DYKtwTSJ1? – දිනකට අඩු කාලයක්
පාස්ප්රේස් එකක් – M@m@B@thK@nn@Asay1 – සියවස් නවයක්

දැන් ඔබට තේරුනාද ? පාස්වර්ඩ් එකකට වඩා පාස්ප්රේස් එකක් සාදාගැනීම හා භාවිතයේ වැදගත්කම
එසේනම් තවත් දැනගත යුතු කරුණු වේනම් පහතින් කමෙන්ට් කරන්න. මෙය ෂෙයා කරමින් ඔබේ හිතමිතුරන් වඩාත් සවිමත් මුරපද භාවිතයක් වෙත යොමු කරන්න.

හරිත දහනායක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *