Operation CORONA සංචාරකයන් ගැන හොයන්න මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අද සිට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබද විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා අද දින කැදවා තිබූ විශේෂ රැස්වීමේදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ICTA ආයතනය මෙම නව මෘදුකාංගය දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබද සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. චීනයේ සිට මෙරටට පැමිණෙන මගීන් වෙනම ප්‍රවේශ මාර්ගයක් හරහා විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සදහා ඇතැම් විට දින 14ක කාලයක් ගතවන බැවින් සියලු මගින් පිළිබද මෙලෙස පසුවිපරම් කිරීම සිදු කරන බවද ඔහු පැවසීය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව පලාලි ගුවන් තොටුපළ සහ කොළඹ, ගාල්ල,ත්‍රිකුණාමලය යන වරායන් ආශ්‍රිතව ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල රැසක් ද ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා සදහන් කළේ සෞඛ්‍ය සේවය එක්තරා ආකාරයක බුද්ධි සේවයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් යුහුසුලුව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
රටපුරා රෝහල් 12 ක් සූදානමින්
මෙම නව කොරෝනා -2019 වෛරසයට අදාල සුවිශේෂි වු DCR පරීක්ෂණය මේ වන විට සිදු කරන බවත් මෙම පරීක්ෂණය කලාපයේ රටවල් අතර සිදු කරනුයේ ශ්‍රී ලංකාවේත් ,ඉන්දියාවේ පූනේහීදීත් පමණක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙහිදී සදහන් කළේය.සැක සහිත රෝගීන් සියලු දෙනා දැනට මූලිකව ජාතික බෝවන රෝග විද්‍යායතනයට(IDH) යොමු කරන අතර ඊට අමතරව දිවයින පුරා තවත් ප්‍රධාන රෝහල් 12 ක් මේ සදහා සූදානමින් ඇති බවද , ප්‍රාදේශිය වසංගත විද්‍යාඥවරු කොළඹට කැදවා අද දින ද දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. එසේම කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි හදුනා ගත් රෝගියාගේ තත්ත්වය මේවන විට යහපත් බවද ඔහු සදහන් කළේය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයත් සූදානමින්
මෙහිදී අදහස් දැක්වු බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ අදාළ පර්යේෂණ කටයුතු සදහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සියලු කටයුතු සූදානම් බවයි. එසේම වෛද්‍ය පර්යේෂණ ආයතයේ වැඩිදියුණු විය යුතු රසායනාගාර පහසුකම් ඇතුළු අංශ පිළිබදව ද හෙතෙම මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න
ජනතාවගේ අරමුණ විය යුත්තේ මෙම වෛරසය මෙරට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බව සදහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා බොහෝ අසත්‍ය පුවත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන බැවින් අනවශ්‍ය ලෙස කළබලයට පත් නොවී කටයුතු කිරීමේ වගකීමක් මහජනතාවට මෙන්ම ජනමාධ්‍ය ආයතන ද සතුවන බව අවධාරණය කළේය.
චීනයේ සිට පැමිණෙන සියලු දෙනාට තහනමක් පැණවිය නොහැකිද යන්න ඇතැමුන් පුශ්න කළද ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එසේ කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව වාර්තාවක්
සෞඛ්‍ය බලධාරීන් ,වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මෙහිදී පාර්ලිමේන්තුව වෙනුවෙන් ස්තුතිය පළ කරමින්, සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව වාර්තාවක් ද ඉදිරිපත් කරන බවයි . එසේම මෙවැනි තතත්වයකට මුහුණ දීමේදී අඩුපාඩු ලෙස පවතින වෛද්‍ය රසායනාගාර ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර කාරක සභාවේ නිර්දේශ තුළින් ඒවා විසදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් J.M.B ජයවර්ධන මහත්මිය , ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය D.M.A.H අත්තනායක ඇතුළු වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
