On Arrival Visa අත්හිටුවයි

 On Arrival Visa අත්හිටුවයි

ශ්‍රී ලංකාව ඔන් ඇරයිවල් වීසා පහසුකම ලබාදී තිබූ සියලුම රටවල විදේශිකයන්ට මෙතෙක් ලබාදුන් එම පහසුකම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කිසිම විදේශිකයෙකුට නැවත එම පහසුකම ලබාදෙන තුරු ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලට පැමිණ වීසා ලබාගත නොහැකියි.

එසේම මින් ඉදිරියට ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන දේශීය මගීන්ට අමතරව විදේශිකයන්ද දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමට නියමිතයි. අදත් (11) කොරියාවේ හා ඉතාලියේ සිට පැමිණි පිරිස් ගුවන් තොටුපල සේවකයින් අපහසුවට පත්වෙන අන්දමින් හැසිරුණා.

යුධ හමුදාව විදේශ රටවල සිට පැමිණෙන පිරිස් නිරෝධායන කාර්යය සඳහා එක්ව සිටින අතර හමුදා ප්‍රකාශකයා පැවසුවේ නිරෝධායනයට අවනත නොවන්නන්ට නීති ප්‍රකාරව කටයුතු කර දඬුවම් දෙන බවයි. එසේම අවනත නොවන්නන් නැවත පැමිණි රටවලට යවන බවද ඔහු සඳහන් කළා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *