MCC වාර්තාව රෙඩි

එම්.සී.සී ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ විද්වත් මණ්ඩල නිර්දේශ ඉදිරි සතියේදී රජයට බාර දීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
ගිවිසුම සමාලෝචනය කිරීම යන්නෙන් එය අනුමත කිරීමක් අදහස් නොකෙරෙන බවත් එහි අඩංගු ප්‍රවාහන සහ ඉඩම් පරිහරණ සැළසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කරමින් සිටින බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (20) පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේබව පැවසුවේය.
මෙම ගිවිසුම සම්බන්ධව විද්වතුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් ඔවුන්ගේ නිර්දේශයන් රජය විසින් සැලකිල්ලට ගනු ඇති බවත් කී අමාත්‍යවරයා විපක්ෂයට අවශ්‍ය අයුරින් තීන්දු තීරණ ගැනීමට රජය සූදානම් නොමැති බවද අවධාරණය කළේය.
තෙල් අර්බුද ගැනත් කතා
මැද පෙරදිග අර්බුදයත් සමග ජපානය,චීනය සහ සිංගප්පූරුව වැනි රට වලට තෙල් ප්‍රවාහනය කිරීමේදී ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටීම ඉතාමත්ම වැදගත් අර්බුදයකින් තොරව කළාපීය ආර්ථික කටයුතු පවත්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ මහතා කීය.
රුසියා සහ චීන විදේශ අමාත්‍යවරුන්,ඇමරිකා එක්සත් ජනපදයේ උසස් විදේශ නිලධාරියකු,එංගලන්තයේ අමාත්‍යවරයෙකු සහ ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු මෙරටට පැමිණ මෙම සාකච්ඡා වලට සහභාගි වූ බවද හෙතෙම පැවසුවේය.