Dialog බදුර්දීන්ගේ UTV ගලවයි. සේවක කප්පාදුව ඇරඹෙයි.

සීමාසහිත සතීෂ් ඒජන්සීස් පුද්ගලික සමාගමට අයත් රිෂාඩ් බදූර්දීන්ගේ  “UTV”  රූපවාහිනී නාලීකාව මුදල් නොගෙවීම නිසා  ජුනි 18 (අද) සිට Dialog TV නාලිකා අංක 23 වෙතින් ඉවත් කර දැමීම සිදුවේ.

2017 ජනවාරී 23 වන දා ඩයලොග් සමඟ පරික්ෂණ විකාශනය ආරම්භ කළ මෙම නාලිකාව වසර තුනකට පසුව මෙලෙස ඩයලොග් වෙතින් ඉවත් කර දැමේ.

2017 අප්‍රේල් 02 වන දා ‘Udhayam TV’ ලෙස ආරම්භ වූ නාලිකාව 2018 ඔක්තෝබර් 18 වන දා UTV බවට පත් විය. මුල් වරට සිංහල වැඩසටහන් සහ පුවත් ආරම්භ කළ දමිළ රූපවාහිනී නාලීකාව වන්නේ ද UTV නාලිකාවයි.

සතොස ආයතනය මඟින් මෙම නාලිකාව වෙත දැන්වීම් ලබාදීම පිළිබඳව ද පසුගිය සමයේ කෝප් කමිටුව හමුවේ  ප්‍රශ්න කෙරිණි.

UHF 54 බස්නාහිර සඳහා සංඛ්‍යාත ලබා දී තිබුන ද මෙම නාලිකාව මේ වනවිට බස්නාහිර ද ආවරණය නොකරයි. නමුත් තවදුරටත් PEO TV, US Cable TV සහ Ask Cable TV ඔස්සේ UTV නාලිකාව දීප ව්‍යාප්තව විකාශනය කරයි.

අද සිට Dialog TV ඔස්සේ UTV Tamil නාලිකාව විකාශය නැවැත්වීමත් සමඟම සිංහල උපසිරැසි සහිතව විකාශනය කරන එකම දමිළ නාලිකාවක් හෝ Dialog TV සතු නොවීම විශේෂත්වයකි.

මීට පෙර VOA ජාලයේ වර්ණම් TV (දැන් Star Tamil) නාලිකාව ද මෙලෙස Dialog TV වෙතින් ඉවත් කෙරිණි.

දැනට මෙහි සේවයේ යෙදෙන 10 – 15 අතර සේවක පිරිසකට සේවයට නොපැමිණෙන ලෙස පාලනාධිකාරිය දන්වා ඇත. ඔවුනට ද හිඟ වැටුප් ගෙවා නැත.  දැනට සේවය කරන අයට ද දෙමසකින් පඩි ගෙවා නැත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *