COVID-19 Extra Plus; ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බේබද්දෝ නෝර්වුඩ් තැබෑරුම කොල්ලකති.

 COVID-19 Extra Plus;  ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බේබද්දෝ නෝර්වුඩ් තැබෑරුම කොල්ලකති.

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සැලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශීය සහ විදේශීය  අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. (03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ. එම මත්පැන් සැලේ රාක්ක වල සහ ගබඩාවේ ගබඩා කර තිබු දේශීය සහ විදේශීය රටවල්වල නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් මෙසේ සොරාගෙන ඇත. සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු ලක්ෂ පහක් වන බවට දැනට තක්සේරු කර ඇත. සොරකම සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.


සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *