Covid 19 – නගර කිහිපයක වෙළඳසැල් වසා දැමේ.

යාවත්කාලීන කිරීම 2020/04/29 18.55
මේ වනවිට දිවයිනේ සමස්ත කොවිඩ් 19 රෝගීන් ගණන 622ක්. ඉන් බහුතරය නාවික හමුදා සාමාජිකයන් බවයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය අයි.ඩී.එච් රෝහලේ ධාරිතාවය ඉක්මවා යෑමට ආසන්න වීමක් ලෙස සැළකේ. ඉදිරි දින කිහිපයේ වඩාත් පරිස්සම් වියයුතු බැව් වෛද්‍යවරුන් පෙන්වා දෙන අතරේ, දිවයිනේ නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් පියවර ගෙන තිබේ. ඒ අනුව, හෙට (30) දින සිට එළඹෙන සඳුදා දක්වා පොල්ගහවෙල නගරයද, හෙට සහ අනිද්දා අනුරාධපුරයද, එලඹෙන මැයි 04 වැනිදා වනතුරු කුලියාපිටියේද වෙළඳසැල් වසා දමනු ඇත.