කචින් සහ කරේන් ගම්මානවල උපක්රමික වශයෙන් වැදගත් හමුදා කඳවුරු කැරළිකරුවන් අතට පත්වීමත් සමග ජුන්ටාව එම ගම්මානවලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී. සඳුදා දිනයේ කචින් නිදහස් හමුදාව කළ පහර දීමකින් සිය හෙලිකොප්ටරයක් විනාශ වී ඇද වැටීමෙන් අනතුරුවත් මියන්මාර ජුන්ටාවේ හමුදා කචින් පළාතේ මොමෝක් නගරබද ප්‍රදේශවලට ගුවනින් පහර දෙමින් සිටියි. කචින් නිදහස් හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කරන්නේ, තම […]Read More
පොදු වැදගත්කම අධිකරණ විනිශ්චයන්ට පමණක් සීමා නොවේ. මදුරාසි මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනා විභාගයේදී විනිසුරු මඩුල්ල ඉන්දීය මැතිවරණ කොමිසමට කියයි. අධිකරණ කාර්යයන්හිදී විනිසුරුවරුන් විසින් කරනු ලබන වාචික කරුණු දැක්වීම මාධ්‍යයෙහි වාර්තා කිරීම නවතාලිය නොහැක. මේ කරුණු දැක්වීම් පිළිබඳ අවංක සහ සමස්ත වාර්තාකරණය තමන් මුහුණ දෙන අර්බුද විසඳාලීම සඳහා විනිසුරන් අවංකව මැදිහත් වන්නේද යන හැඟීම මහජනයා තුළ […]Read More
ඉන්දීය පුද්ගලික බහු වරාය මෙහෙයුම් කරුවෙකු වන අදානි සමාගම සිය තිරසාර දර්ශකයෙන් ඉවත් කරන බව නිව්යෝක් කොටස් වෙළඳපොල පදනම් කරගත් ඩව් ජෝන්ස් අප්‍රේල් 13 වැනිදා නිවේදනය කළේය. රොයිටර්ස් වාර්තා කරන අන්දමට මියන්මාර ආර්ථික සංස්ථාව බදු දුන් ඉඩමක ඩොලර් මිලියන 290ක් ආයෝජනය කරමින් වරායක් ඉදි කිරීමට අදානි සමාගම ක්‍රියා කරමින් සිටී. මෙකී මියන්මාර ආර්ථික සංස්ථාව එරට […]Read More
ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන අන්දමට ගත වූ පැය විසිහතර තුළ එරටින් වාර්තා වන කොවිඩ් 19 නව ආසාදියන් ගණන 386000 ක් වේ. පසුගිය වසරේ එරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නට පටන් ගැනීමෙන් පසුව අසන්නට ලැබුණු ඉහළම සංඛ්‍යාත්මක අගය එයයි. අලුතෙන් එකතු වූ මෙම අගයත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන කෝටි 1.83 ඉක්මවා ඇත. මේ වනවිට […]Read More
සර්ගානාර් යන ප්රසාංගික නමින් මියන්මාරයේ ප්‍රචලිත මවුන්ග් තූරා නම් කලාකරුවා පසුගිය අඟහරුවාදා (06) පෙරවරුවේ මිලිටරි ජුන්ටාවේ අත්අඩංගුවට පත් වූ බව ඔහුගේ පවුලේ සමීපතමයන් සඳහන් කරයි. හැට හැවිරිදි, ප්‍රහසන කලාකරුවෙකු සහ චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන ඔහු මියන්මාරයේ පැවති මිලිටරි ආණ්ඩුවලට එරෙහි ප්‍රබල විවේචකයෙකු ලෙස ප්‍රකට ය. 1988 සුප්‍රකට දේශපාලන නැඟී සිටීම්වලට සමගාමී සිය ප්‍රහසන හා වෙනත් කලා […]Read More
ටග් යාත්‍රා 10ක් යොදා ගනිමින් ඇදීමෙන් හා තල්ලු කිරීමෙන් ඉමහත් පරිශ්‍රමයක් දරා සූවස් නාවික ඇළ මාර්ගය හරහා සිරව තිබූ නෞකාව මුදා ගත් බව වාර්තා වේ. සූවස් ඇළ ප්‍රවාහන සේවා බලධාරීන් පවසන අන්දමට ගලවා ගැනීමේ කණ්ඩායම් නෞකාව පාවීමට සළස්වා ඇති අතර ඉතා ඉක්මනින් ගමනාගමන කටයුතු ආරම්භ කළ හැකි වේ.සඳුදා උදෑසන බලධාරීන් නිකුත් කළ නිවේදනයට අනුව ටග් […]Read More
රට පුරා ව්‍යාප්ත වන මහජන විරෝධතා රැල්ල විකාශය කළ හා ප්‍රචාරයක් ලබා දෙන මාධ්‍ය ආයතන මැඩ පැවැත්වීම සඳහා මිලිටරිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින මියන්මාර ආණ්ඩුව තවත් මාධ්‍ය ආයතන 02ක් හමුදාව යොදවා වටලමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා ගෙන සිටින බව වාර්තා වේ. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා රඳවා ගෙන සිටීම තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන […]Read More
සේවය නිම වී නිවෙස බලා යමින් සිටි ඇෆ්ඝනිස්ථානයේ Enikass TV ආයතනයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු නාඳුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ. මාර්තු 02 වෙනිදා ස්ථාන දෙකකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. සිදුවීම හෙළා දකින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සහ ඇෆ්ඝන් නිදහස් මාධ්‍යවේදීන්ගේ සංධානය පවසන්නේ මෙය ඇෆ්ඝනිස්ථානයේ මාධ්‍ය වෘත්තිකයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බරපතල තත්ත්වය විදහා දක්වන බවයි. […]Read More
(රොයිටර්ස්) සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් හී ප්‍රකාශකයෙකු අද පැවසුවේ, මියන්මාරයේ හමුදා රජය අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම පිළිබඳ දැඩි උනන්දුවකින් යුක්තව සළකා බලන අතර සමාජ මාධ්‍ය ප්‍රවේශයට අවස්ථාව සළසා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. මියන්මාරයේ නව මිලිටරි ජුන්ටාවේ නියෝගය අනුව පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කොට තිබූ අතර […]Read More
පාකිස්ථානයේ අබ්තාක් රූපවාහිනියේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් පහර දී තිබෙන බව වාර්තා වේ. පසුගිය 18 වෙනිදා සිදු කළ මෙම පහරදීමට හේතුව අදාල මාධ්‍යවේදීන් එරට මාෆියා කල්ලි ගැන වාර්තා කිරීම බවද පහරදුන් පිරිස මාෆියා සාමාජිකයන් බවද පැවසේ. පාකිස්ථාන ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත. අබ්තාක් රූපවාහිනියේ අංශ ප්‍රධානියෙකු […]Read More