ජනතාව පාරට බැස තිබෙන්නේ දිගින් දිගටම විඳින්නට සිදු වූ පීඩාව නිසා බව රජය තේරුම් ගත යුතු යැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති . භාණ්ඩ මිල වැඩි වීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ ජනතාව විවිධ පැති වලින් පීඩාවට පත්වූ බවත් ඔවුන්ගේ ගැටලු වලට විසදුම් ලබාදීමට රජය නිසි පියවර නොගැනීම මෙම […]Read More
කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇත. සිද්ධිය අද (24) පෙරවරු 6.40 ට පමණ සිදුව තිබේ.ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලද හැට හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත. සිද්ධියෙන් මියගිය ඊෂ්වරදේවන් […]Read More
ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දූෂණ හෙළිදරව් කරමින් ලිපියක් ලියූ “සති අග අරුණ” සහ “දිනපතා අරුණ” පුවත්පත්වල ප්රවෘත්ති කර්තෘ මාධ්‍යවේදී චමින්ද සේනාරත්නට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීම කිසිසේත් නොසළකා හැරිය නොහැකි බරපතල තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. “හිටිහැටියේ පොහොසත්වන පොලිස් ඇත්තෝ” යන හිසින් 2022 මාර්තු 15 වන දින අරුණ පුවත්පතට ලිපියක් […]Read More
හිරු රූපවාහිනී නාලිකාවේ සේවය කරන ආන්දෝලනාත්මක දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නා සහ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කරන්නාද වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සොයා පැමිණි සන්නද්ධ මැර පිරිසක් ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කොට ඇත. පිළියන්දල කේම්බ්‍රිජ් කෝට් හී පිහිටි චමුදිත ගේ නිවස සොයා සුදු වෑන් රියකින් පැමිණි මැර පිරිස ගිනි අවි පෙන්වා එහි ආරක්ෂක නිලධාරියා බිය […]Read More
ලක්මාල් කේ.බදුගේ ත්‍රිකුණාමලය නිලාවෙලි පරවි දුපත ජාතික උද්‍යානයේ නොගැඹුරු ජල තීරයේ පිහිටි කොරල් පද්ධතිය මත නීති විරෝධි අයුරින් පතුල පෙනෙන වීදුරු යෙදු යාත්‍රාවක් යොදා ගනිමින් නාවික හමුදා භට පිරිසක් අද (26) පස්වරුවේ එහා මෙහා යාත්‍රා කල බව සංචාරකයන් පවසයි. එම අවස්ථාවේ දී උද්‍යානයේ සේවයේ නිරතව සිටි වනජීවි දෙපාර්තමේන්තු නිලධාරින් මෙම ක්‍රියාවට එරෙහිවු බවත් මහ සයුරේ […]Read More
අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ සහ ප්රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ පසුපස රාජ්‍ය ඔත්තු සේවා පන්නමින් ඇති බව සැක කරන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. එම සංගමය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරන්නේ, 077 3037462 දරන දුරකතනයෙන් දිගින් දිගටම මගහැරුණු ඇමතුම් ලබා දෙමින් මාධ්‍යවේදී […]Read More
පොහොර හා පළිබෝධ නාශක නොමැති නිසා පළිබෝධ හානියක් ඇති වුවහොත් සියල්ල අපතේ යාවි යැයි බියෙන් ඇතැම් එළවළු ගොවීන් අස්වැන්න නියමිත කාලයට පෙර ගලවා තිබෙන බවත් මේ නිසා ඉදිරියේදී එළවළු මිලේ සැලකිය යුතු පහළ යෑමක් අපේක්ෂා කළ නොහැකි බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර මහතා කීය. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින්ගේ කාබනික […]Read More
මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ ලේකම් මහින්ද ඉදුසූරිය මහතා මධ්‍යම පළාත් පාලත් පාලන කොමසාරිස්වරයා විසින් අකුරණ ප්‍රාදේශීය සභාවට මාරු කිරීමට ගත් තීරණයක් ආණ්ඩුකාරවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබියදී අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට පැමිණ රාජකාරී ආරම්භ කිරීම හේතුවෙන් අද (26) දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගිණි. තමන්ගේ මාරුව අවලංගු කරන ලෙස මහින්ද ඉදුසූරිය මහතා […]Read More
මහනුවර මොහොමඩ් ආසික් අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගේ නොවිසඳී ඇති ගැටළු වලට ඉදිරි සති දෙක ඇතුලත විසඳුමක් නොලැබුණහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියයි. මහනුවර අලවතුගොඩ පිහිටි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී අද 19 වනදා සවස පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා මේ බව කීය. අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ලබන 21 […]Read More
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එම විශ්ව විද්‍යාලයේ පාලක සභාව පියවර ගෙන තිබේ. සේවයෙන් නෙරපාහරින ලද පිරිස අතර විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරු පුෂ්පික පණ්ඩිතරත්න සහ වැඩ අධිකාරි යූ.බණ්ඩාරනායක යන අයද සිටිති. ලේඛකාධිකාරිවරයාට අයත් රිවර්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය දෙසැම්බර් මස දිනක විශ්ව විද්‍යාල සේවක පිරිසක් රාජකාරී […]Read More