මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක කුරිරු යුද්ධය අවසන් වී පාළොස් වසක් ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයයන් අහිමි වූ පවුල් තවමත් එයින් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහූ පවසති.යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ අය මෙන්ම එයට සෘජුවම සම්බන්ධ […]Read More
පවතින අර්බුදය හමුවේ දේශපාලන වාසි ගැනීම සඳහා හැංගි මුත්තම් සෙල්ලම් නොකර විපක්ෂය සමාජ වගකීම තේරුම් ගෙන කටයුතු කළ යුතු බව මහනුවර නීතීඥ සංගමයේ සභාපති ධම්මික හෙට්ටිහේවගේ මහතා පවසයි. රට තවත් අර්බුදයට ලක්වන තෙක් කල්මරමින් සිටීම වෙනුවට විපක්ෂය කළ යුත්තේ වගකීම් භාරගෙන අර්බුදයෙන් රට මුදා ගැනීමට කටයුතු කිරීම බවද ඒ මහතා කීය.මහනුවර සිංහල,දෙමළ හා මුස්ලිම් වෙළෙඳ […]Read More
නීතිඥ ජගත් ලියන ආරච්චි මහජන ආරකෂක ආඥා පනතේ 2වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 2022 මැයි 6 වන දින අංක 2278$22 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකාව මුළුල්ලේම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුල ප්‍රකාශයට පත් කර ඇත. නමුත් මේ වන තෙක් […]Read More
මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු විදුලි කණුවක් ඉවත් කිරීමට ගිය විදුලි බල මණ්ඩල සේවක පිරිසකට ප්‍රදේශවාසින් කණ්ඩායමක් පහරදීමෙන් තුවාල ලත් විදුලි සේවකයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත්කර තිබේ.සිද්ධිය පෙරේදා (19) පස්වරු 5.00 ට පමණ සිදුව ඇත.අදාළ සිද්ධිය මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩල සේවකයින් නඩත්තු කටයුුතු සිදු නොකිරීම නිසා බහිරවකන්ද,මාපානාවතු […]Read More
වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද රුපියල් 1000.00 ක දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබාදීමට වතු සමාගම් පියවර ගෙන තිබේ.දිනක මූලික වැටුප රුපියල් 900.00 ක් හා අයවැය දිමනාව රුපියල් 100.00 ලෙස මෙම රුපියල් දහසේ වැටුප සකස් වී ඇත. මෙයට ප්‍රථම වතු කම්කරුවෙකුට රුපියල් 750.00 ක දෛනික වැටුපක් වතු සමාගම් විසින් ගෙවනු ලැබීය.පසුගිය අයවැය යෝජනාවේදි වතු […]Read More
නීති විරෝධි ලෙස කසිප්පු පෙරා මුදලකට අළෙවි කළ අලවතුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා ඇයට රුපියල් 15000.00 ක දඩයක් නියමකර තිබේ.මත්පැන් පෙරීමට යොදාගත් තඹ දඟර හා නීති විරෝධී ස්ප්‍රීතු තොගයක්ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.අදාළ වැටලීම සිදුකළ […]Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායගේ එකොළොස් වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු දිවිය නිමා වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ අසුන හිස් වන බව මැතිවරණ කොම්සමට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කටයුතු කළ බවයි. රන්ජන් රාමනායක වෙනුවට හිස් වූ අසුනේ අජිත් මාන්නප්පෙරුම අසුන් ගනු ඇත.Read More
ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහ ලේවායේ ලුණු අස්වනු නෙලිම ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සදබරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාණ චාරිත්‍රානුකූලව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ඊයේ (07) පෙරවරු 6.24ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.අනාදිමත් කාලයක පටන් ලුණු ලේවායේ ලුණු අස්වනු නෙලිමේදී පැවති සම්ප්‍රදායන් ඒ අයුරින්ම ආරක්ෂා කරගනිමින් මෙම ලුණු අස්වනු නෙලිම ආරම්භ කිරිම විශේෂත්වය.මෙහිදි අදහස් දක්වමින් […]Read More
පොලීසිය බලා සිටියදී පේරාදෙණිය එළුගොඩ දුම්රිය හරස් මර්ගයේ ගේට්ටුකරුට ඊයේ (06) අලුයම 4.00ට පමණ පහරදී ඔහුගේ මුර කුටියට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ත්‍රිරෝද රථ රියදුරෙකු පැමිණ එය විවෘත කරන ලෙස බල කළ අවස්ථාවේ ගේට්ටුකරු එයට විරෝධය දැක්වීම මෙම පහර […]Read More
දඩබල්ලන් ලෙසින් කටයුතු කරමින් රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්කරන රජයේ පසුපෙළ මන්ත්‍රීවරු බැද නොදැම්මොත් එහි අනිටු ඵලවිපාක රජයට ඉතා නුදුරේදීම දැකගත හැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි. මහනුවරදී (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසා සිටියේ රජයේ පසුපෙළ […]Read More