සංස්කාරක

ප්‍රවෘත්ති හා කාලීන

වී සඳහා ගොවියන්ට ඉදිරි කන්නයේදි ඉහළ මිලක්

මල් කොළඹිස්ස – මහනුවර රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ ඉදිරි කන්නයේදී ගොවියන්ට වැඩිමිලක් ලබා දෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. පැවැති ආර්ථික අරබුදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම කන්නයේදී වැඩි මිලක් ගෙවීමට නොහැකි වුවත් ඉදිරි කන්නයේදී එය මඟහැරී යනු ඇතැයි අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේදී (26) පැවැති අලුත් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

මැටි ඇමතිලාටත් නොපෙනුණ ඉහළ ඌවේ වළං කර්මාන්තය අනතුරේ

කරුණාරත්න පල්ලේගම   නිෂ්පාදන  වියදම අධිකවීම හා වළං කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකිවීමත් සිය නිෂ්පාදන නිසි මිළකට අලවි කර ගැනීමට නොහැකිවීමත්  හේතුවෙන් මේ වන විට ඉහල ඌව වැලිමඩ ප්‍රදේශයේ වළං කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් සිය කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. වැලිමඩ ඉහල දඹවින්න සහ පහළ දඹවින්න ප්‍රදේශයේ විශාල පිරිසක් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

“ලෝකය දකින්න පාලමක් දෙන්න”. දිඹුල් ගසෙන් එතෙර වඩින තෙල්හවඩිගම මිනිස්සු

වැලිමඩ එම්.එස්. කුමාරගේ දිඹුල් ගසක් ආධාරකයක් කර ගෙන තැනු ඒදඩු පාලමක ආධාරයෙන් විදුරුපොල ඔය හරහා ඉතා අවධානම් කාරි ලෙස ගමනා ගමන කටයුතු සිදු කරන ඌව පරණගම තෙල්හවඩිගම ගම්වාසින් තමන් මේ විදින අපහසුතාවය මග හරහා එම ස්ථානයට නව පාලමක් ඉදිකර දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටි. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මායිමේ පිහිටි මෙම තෙල්හවඩිගම ගම්මානය වැලිමඩ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

කල්මුණේ හැඬවූ ඇල්ලවලේ ඛේදවාචකය. සියලු සිරුරු සොයා ගැනේ.

වැල්ලවාය ඇල්ල වලේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය සෙසු තරුණයින්ගේද සිරුරු අද (22) උදෑසන නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහය ඇතිව සොයා ගෙන ඇත. ඊයේ (21) එක් සිරුරක් සොයා ගත් නමුත් අධික වර්ෂාව නිසා හා දිය යට සීතල නිසා සන්ධ්‍යාවේ මෙහෙයුම් අත් හැර දමනු ලැබිණි.Read More

ප්‍රවෘත්ති හා කාලීන

සංචාරක ගමන් මගක ඇස නොගැටී ගරා වැටෙන කැප්පෙටිපොළ බලකොටුව

වැලිමඩ එම්.එස්. කුමාරගේ   වැලිමඩ සිට නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් 07 ක් පමණ ගිය පසු මුණ ගැසෙන කැප්පෙටිපොල නගරයේ තැපැල් කාර්යාලය අසල මෙම ඉපැරණි බල කොටුව පිහිටා තිබේ. 1818 දී පමණ ඉදිකෙරුණු  මෙම බල කොටුව තුල ඉංග්‍රීසින්ගේ අශ්වාරෝහක බලකාය ස්ථානගත කර තිබෙන්නට ඇති බවටයි විශ්වාස කරන අතර එය සනාථ කල හැකි කරුණුද මෙම බලකොටුව නිරීක්ෂණය කිරීමේදී […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

වැල්ලවාය ඇල්ලේවල ඇල්ල ඛේදවාචකය. මළසිරුරු තුනක් තවම නෑ.

වැල්ලවාය ඇල්ලෙවල දිය ඇල්ලේ අතුරුදහන් වූ පුද්ගලයින් සොයා සිදු කළ මෙහෙයුම අද සවස හයට පමණ නවත්වන්නට සිදුවන විට ප්‍රදේශයේ පදිංචි කිමිදුම්කරුවන්ට සොයා ගැනීමට හැකි වූයේ එක් මළසිරුරක් පමණි. ඊට හේතු වූයේ ධාරානිපාත වර්ෂාවක් ඇද වැටීමත් දිය ඇල්ලෙන් ඇද හැලෙන ජල ධාරාව අධික වීමත් නිසාය. එසේම දිය ඇල්ල යට අධික ශීතලෙන් යුක්ත වීම හේතුවෙන් කිමිදුම්කරුවන්ටමෙම මළ […]Read More

එසැනින් පුවත් ප්‍රවෘත්ති හා කාලීන

වැල්ලවාය, ඇල්ලෙවල දිය ඇල්ලට කල්මුණේ හතරක් බිලි. මිනී සෙවීම දුෂ්කරයි.

ඉන්දික ගරුසිංහ. වැල්ලවාය.   වැල්ලවාය ඇල්ලෙ වල දිය ඇල්ලේ දිය නෑමට පැමිණි කල්මුනේ ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. දහ දෙනකුගේ පිරිසක් මෙම කණ්ඩායමේ පැමිණ ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු දිය ඇල්ලට පැන දිය නෑමට ගිය අවස්ථාවේ  මෙසේ දියේ ගිලී තිබේ. අධික ශීතල සහ දැඩි සැඩ පහර හේතුවෙන් මේ වන විටත් […]Read More

එසැනින් පුවත් ප්‍රවෘත්ති හා කාලීන

ප්‍රමිතියකට නැති කාබනික පොහොරෙන් බෝ වූ පාසි හෙණහුරා වැලිමඩ ගොවීන්ට

වැලිමඩ කුමාරගේ   ආණ්ඩුවේ කාබනික පොහොර නිසා බෝ වූ පාසි විශේෂයක් සිය කුඹුරු වල ඉතා සීග්‍රයෙන් පැතිර යෑම නිසා තම කුඹුරු වල මෙවර වගා කන්නයේ වී වගාව සිදු කර ගැනීමට නොහැකිව තමන් මහත් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයි ඌව පරණගම අඹගස්දෝව වල්කණිටිය යාය ගොවින් පවසති. වල්කණිටිය යායේ මෙවර වී වගාව කිරීම සදහා ගොවින් ගොයම් තවාන් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

ත්‍රිකුණාමලයේදී අලෙවියට රැගෙන ගිය ජෙලග්නයිට් අල්ලයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ අලෙවි කිරීමට රැගෙන යමින් තිබු ජෙලග්නයිට් කරල් 58 ක් හා විදුලි නොවන ඩෙටනේටර් 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය සමත්වුහ. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි. ජෙලග්නයිට් රැගෙන පැමිණි සැකකරුවන් ත්‍රිකුණාමල මධ්‍යම බස් නැවතුම්පල අසල ත්‍රිරෝද රථයක් තුළ ඒවා රැගෙන යාමට සූදානමින් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

යෙදවුම් මිළ ඉහළයි – බණ්ඩාරවෙල එළවළු ගොවීන් හාන්සි

කරුණාරත්න පල්ලේගම   එළවළු වගාවට අවශ්‍ය පොහොර සහ බෙහෙත් වර්ගවල මිළ අහස උසට නැග ඇතත් එළවළු අස්වනු සදහා නිසි මිළක් නොමතිවීම හේතුවෙන් මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ එළවළු  වගාවේ නියුතු ගොවි ජනතාව ජීවත්වීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව ඇතයි එළවළු වගාවේ නියුතු ගොවි ජනතාව කියති. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සියයට අසූවක් පමණ කෘෂිකර්මාන්තයේ නියලෙන අතර එම […]Read More