සංස්කාරක

ප්‍රවෘත්ති හා කාලීන

හොදින් හෝ නරකින් ‘ඊ-මෝටරින්’ ක්‍රියාත්මක කරනවා – බන්දුල ගුණවර්ධන

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සදහන් කළේය. ‘ඊ-මෝටරින්’ ව්‍යාපෘතිය 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට විවිධ අවස්ථාවන් වලදී රජයන් කටයුතු කර තිබුණ නමුත් එය අතර මඟ නතර කර තිබුණි. මෙවර මේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කුමන පාර්ශවයක් විරුද්ධ වුවත් මෝටර් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

කේසර හලාගෙන ඩේලි මිරර් ලොකු පුටුවට ජමිලා

දිවයිනේ වැඩිම අලෙවියක් සහිත දිනපතා ඉංග්‍රිසි පුවත්පත වන ‌’ඩේලි මිරර්’ පුවත්පතේ කර්තෘ කේසර අබේවර්ධන මහතා හදිසියේම එම ධුරයෙන් ඉවත් කර ඇත. රංජිත් විජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු විජය පුවත්පත් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරයට ඔහුගේ පුත් සුජාන් විජයවර්ධන මහතා පත්වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව පුරප්පාඩු වු ‘ඩේලි මීරර්’ කර්තෘ පුටුවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ජමිලා […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

හොර පාස්පෝට් චීනා අල්ලස් දෙන්නත් හදලා; පාලක ජනරාල් වැනිලා

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ලංකාවට ඇතුළු වු චීන ජාතිකයා ආගමන විගමන නිලධාරින්ට ඩොලර් තුන්දාහසකට අධික අල්ලසක් දීමට ද තැත් කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග මගින් “ඊ-ජර්නලිස්’ට වාර්තාවේ. මෙම චීන ජාතිකයාගේ ප්‍රශ්නයේ දී ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද නිසා අදාළ පරීක්ෂාව සිදු කළ ආගමන විගමන නිලධාරින් මෙම අල්ලස් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

නියාමන අධිකාරි පනත ඖෂධ මාෆියාවට යටවෙලා ද?

මහජන සෞඛ්‍යට ඍජුවම බලපාන වැරදි වලට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතින් නියම කර ඇති දඩය රුපියල් ලක්ෂ දෙකක් වන සුළු මුදලක් වීම නිසා ඖෂධ ජාවාරම්කරුවන් එම නිතිය නොතකන තත්ත්වයක් උද්ගතව ඇතැයි ‌සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙන් ‘ඊ-ජර්නලිස්’ට පැවසීය. මහජන සෞඛ්‍යට හානියක් කෙරෙන වරදකදි අඩුම තරමින් අදාළ දඩය රුපියල් ලක්ෂ දහයකවත් විය යුතු යැයි එම ප්‍රකාශකයා පැවසීය. […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

මුද්‍රණාලාධිපතිනියට ජනපතිගෙන් සේවා දිගුවක්

පළාත් පාලන ඡන්ද විමසීමේ දී ආණ්ඩුවේ සිතැඟි අනුව ක්‍රියාකල බවට චෝදනා එල්ල වු රජයේ මුද්‍රණාලධිපතිනි ගංගානී ලියනගේ මහත්මියට සේවා දිගුවක් ලබා දීමට නියමිත යැයි රජයේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් ‘ඊ-ජර්නලිස්’ට වාර්තාවේ. මෙම සේවා දිගුව සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ලියනගේ මහත්මිය දැනුවත් කර ඇතැයි කියයි. ඒ අනුව ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් මාධ්‍යට නිවේදනයක් නිකුත් කිරිමට නියමිතය. […]Read More

එසැනින් පුවත්

සබ්‍රිට පාර්ලිමේන්තුව තහනම්

ආන්දෝලනයට තුඩුදුන් කෝටි 7කට වඩා වටිනා පටන් තොගයක් සහ ජංගම දුරකතන තොගයක් මෙරට ගෙන එන ලද යැයි කියන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් තීරණය කළ බව ‘ejourno’ වෙත වාර්තා විය. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.Read More

ප්‍රවෘත්ති හා කාලීන

මහ මුහුද වනසන හැඹිලි දැල

ලක්මාල් කේ. බදුගේ – ත්‍රිකුණාමලය   “..හැඹිලි දැල් කාරයෝ කිමිදුම්කරුවෝ දාලා කොරල් පරය උඩ මාලු ඉන්නවාද කියලා බලලා තමයි ඩයිනමයිට් පොළවට වදින්න ගහන්නෙ. ඊට පස්සෙ දැල වට කරනවා මැරුණු මාලු ටැංකි දාලා ගන්නවා ගන්න බැරි මාලු දිය යට යනවා. මුහුදටත් නැහැ ගොඩටත් නැහැ. ඩයිනමයිට් හින්දා කොරල් පරය කුඩු වෙලා ඒ වටේ මාලු මැරිලා බිත්තර විනාශ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

යූ.ජී.සී අනුමතිය ලබාදීම උපාධි ප්‍රදානය කරන විශ්ව විද්‍යලයට පමණක් සීමා

අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  අනුමැතිය ලබා දීමේදී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය  උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබා දීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සදහා වෙනම ඒකකයක් ක්‍රියාත්මක කොට මාස

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්’ (Safe Migration Promotion Unit) මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වවලට උපදෙස් ලබා දෙන ලදී. එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිනි […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස්

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පැවසීය. ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස  යමුනා පෙරේරා මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. එසේම, ජල […]Read More