ජන ගඟක්. ගිරාඳුරුකෝට්ටේ එන්නත් විදීම නවතා දමයි

 ජන ගඟක්. ගිරාඳුරුකෝට්ටේ එන්නත් විදීම නවතා දමයි

කුමාර බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ

කොවිඩ් වසංගතය දුරලීම සඳහා ගිරාඳුරුකෝටටේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පළමුවර සයිනෝෆාම් එන්නත ලබාදුන් අය සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම අද (02)දිනට යොදා ගෙන තිබුනත් අනපේක්ෂිත ලෙස ජනතාව රැස්වීම නිසා එන්නත් විදීම තාවකාලිකව අත්හැර දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් කටයුතු කරන ලදී.

 පසුගිය අගෝස්තු මස 26 සහ 27 යන දෙදින තුල එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් අය සඳහා පමණක් ඊයේ දිනයේ කැඳවා තිබුණද, ගිරාඳුරුකෝට්ටේ මහවැලි දෙවන උප කලාපයට අයත් ගම්මාන 18ම පළමු මාත්‍රාව විදගත් පන් දහසක පමණ දෙනා ගිරාඳුරුකෝට්ටේ දිස්ත්‍රික් රොහලට අළුයම පහේ පමණ සිට පැමිණ සිටිනු දක්නට ලැබිනි.

නම් කළ දින වල අය පමණක් නොව අනෙකුත් අයවළුන්ගේ පැමිණීමෙන් සෙනග වැඩිවීම හේතුවෙන් හා  පිරිස අතර නොසන්සුන්තා හටගත්තේය. මෙම එන්නත ලබා දෙන බව පවසා යවන ලද නිවේදනයේ පැමිණිය යුතු ගම්මාන හෝ පුද්ගලයින් කව්රුන්ද යන්න සඳහන් නොකිරීම නිසාත් මෙලෙස පැමිණි අයවළුන් තෝරා බේරා නොගෙන අංක නිකුත් කිරීමෙන් ජනතාව අපහසුතාවයට පත්වූහ.

මෙලෙස කළහකාරීව හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක එස්.චතුරංග මහතා ඇතුළු පිරිස පැමිණ පිරිස විසුරවා යැවීමට කටයුතු කරන ලදී.

මෙම එන්නතේ දෙවන මාත්‍රාව හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා ග්‍රාම නිළධාරී වසම් අනුව දිනකට සීමිත පිරිසක් පමණක් කැඳවීමට කටයුතු කරන බව ගිරාඳුරුකෝටටේ දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පැවසීය.  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *