70 කට කොරෝනා, පරිත්‍යාගය පෙරටු කරගත් මිනිස්සු සටනට

මේ වනවිට තහවුරු වූ කොවිඩ් 19 ආසාධිතයන් ගණන 70ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවා. ඉතාලියේ සිට පැමිණි බව වසං කරමින් රාගම රෝහලට ඇතුළත්වූ රෝගියෙකුට ප්‍රතිකාර කළ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාද මේ රෝගී ලැයිස්තුවට ඇතුළත් වෙනවා.
කෙසේවෙතත් අද සවස 06 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ප්‍රකාශ කිරීමත් සමග නගර සියල්ලකම පාහේ දැඩි තදබදයක් නිර්මාණය වූ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට පැමිණි ජනයා කිසිම ආරක්ෂිත පියවරක් අනුගමනය කිරීමෙන් තොරව නගරවල හැසිරෙමින් සිටි අතර සියලු පොදු ප්‍රවාහන සේවාවන්හිද දැඩි තදබදයක් දක්නට ලැබුණා. එන්.කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වන ස්වරූපය අනුව මෙය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක් බවය සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරන ලද්දේ.

රට අවදානමට ඇද දමන මිනිස්සු
පනවා ඇති නියෝග සහ ලබාදී ඇති අවවාද නොතකා බයිසිකල් ධාවන තරඟයක් සංවිධානය කළ දඹුල්ල නගරාධිපතිවරයා සහ තවත් දෙදෙනෙකු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අතර ගුවන් තොටුපල සේවකයෙකුද වන ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඉතාලියේ සිට පැමිණි සිය හිතවතෙකු නිරෝධායනයට ලක් නොකර පලා යන්නට උදව් කිරීමෙන් පසු වෛරසයේ ගොදුරක් බවට පත්ව තිබෙනවා. වරකාපොළ පදිංචි මෙකී දේශපාලනඥයා නගරය පුරා රැස්වීම් හා පිංකම්වලට සම්බන්ධ වීම නිසා ප්‍රදේශය මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයද අවධානමට භාජනය වී තිබෙනවා. බලධාරීන් සඳහන් කරන්නේ ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට එක් නොවූ සෙසු පිරිස් සොයා දිගටම මෙහෙයුම් සිදුකරන බවයි. ඉන්දියාවේ සිට ආ වන්දනාකරුවන් නිරෝධායනයට භාජනය නොකර ගම්බිම් බලා යන්නට සැළැස්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විවේචනයට භාජනය වුණා. ඒ අතර ගාල්ල වරායේ ඇතැම් සංගම් පනවා ඇති නියෝග නොතකා සිය සේවකයින්ගෙන් තවමත් වැඩ ගනිමින් සිටි බව වාර්තා වුණා. ඒ ඇතැම් සේවකයින් තමා මුහුණ දෙන ඉරණම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කිරීම නිසා.

දෙවිවරුන්ද, නොමිනිසුන් අතර
මෙලෙස රට අවදානමට භාජනය කරන පිරිස අතර තත්ත්වය වටහා ගනිමින් උපකාර කරන පිරිස්ද වාර්තා වුණා. අද බණ්ඩාරවෙල නගරය වසා දමන අවස්ථාවේ එළවලු තොග වෙළඳුන් කිහිප දෙනෙකු තමන් සතු එළවලු ජනයාට නොමිලයේ බෙදා දුන්නා.

වැල්ලවාය ප්‍රදේශයේ වෙළඳ මහතෙකු ප්‍රතිශක්තිය වැඩිකිරීමට හේතුවන බවට විශ්වාස කරන ඉඟුරු කොත්තමල්ලි පාන නොමිලේ බෙදා දුන්නා. තමන්ගේ යකඩ ආශ්‍රිත නිෂ්පාදන ආයතනය රෝහල් ඇඳන් නිෂ්පාදනය කිරීමට ලබාදිය හැකි බව පැවසූ අයෙක් මෙන්ම, මුහුණු ආවරණ නිපදවා රෝහල් වෙත පරිත්‍යාග කරන පිරිස්ද දක්නට ලැබුණා.
ජගත් ප්‍රේමචන්ද්‍ර රෝහල්වලට මුව වැසුම් ලබා දෙමින්
ඒ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් පහළ යමින් අද වාර්තා වූ ඩොලරයක විකුණුම් මිළ රුපියල් 189.87ක් වුණා. අද කොටස් වෙළඳපොළ කටයුතුද ආරම්භයේදීම අත්හිටවනු ලැබුවේ, පෙර ගණුදෙනු දිනට සාපේක්ෂව S and P SL 20 දර්ශකය සියයට 05කින් පහළ වැටීම නිසා.
උතුරු නැගෙනහිර තත්ත්වය
මේ වනතෙක් රෝගීන් වාර්තා නොවුණද ඇඳිරි නීතිය නිසා උතුරු නැගෙනහිරත් දැඩි තදබදයක් පවතින බව වාර්තා වෙනවා. යාපනයේ සිටින අප වාර්තාකාරිණිය පවසන්නේ යාපනය නගරය ඉතා කලබලකාරී ලෙස දිස්වන බවයි. ඇයට අනුව යාපනයේත් ජනතාව ඇඳිරි නීතියට මුහුණ දීමට සූදානම් වන අන්දමක් දිස් වෙනවා.