ගිම්හානයත් ගෙවුණා
සිසිලියා …
දැන් බලා සිටියා ඇති
රෑ වුනා ගෙට යමු
ඉස්තෝප්පුවට වැහි හුළං සැර වැඩී
කෝ එන්න
හැමෝම ගිනි උදුන ළග.
ආන්ද්රෝවා අදත් එන එකක් නෑ
හිම පතනය වැඩි ඇති
කොච්චර දුරක් එන්නද
අශ්වයා කම්මැලි කළාද දන්නෙ නෑ
පිටත් වුණා නම් මෙලහකටත් මග ඇති
රාත්රිය ආ නිසා කදුපාමුලට කල්තියා
කොහේ හරි අතරමග
නැවතුනාද මන්දා
රැය පහන් වෙනතුරු .
හොද හිම කබායක් ඇති
බයවෙන්න දෙයක් නෑ
හෙට උදෙන්ම පිටත් වෙයි
මිටියාවත පහුකරනවිට
පිපී තිබුනොත් නොවැරදීම
පිණි වැටුණු
කුඩා මල්කිනිත්තක් අරන් එයි
මුහුණ සිපගන්නා අතරෙම
ඔබට දෙන්න
කෝ එන්න අපි ගෙට යමු
ඇයි …ඇයි මේ තරම්
ඔබේ අත සීතල
සි..සි..ලි..යා….
සුමිකා පෙරේරා