5000 බෙදන වැඩෙන් අපිව ඈත් කළේ ආණ්ඩුව – එක්සත් ගම්බද ග්‍රාමනිලධාරීහු කියති

 5000 බෙදන වැඩෙන් අපිව ඈත් කළේ ආණ්ඩුව – එක්සත් ගම්බද ග්‍රාමනිලධාරීහු කියති

බළන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන

ඇඳිරි නීති වාතාවරණය  හේතුවෙන්   ජිවනෝපාය  අහිමි  වී   සිටින  ජනතාවට  රජය මගින්  ලබා  දෙන රුපියල්  5000 දීමනාව බෙදන  වැඩසටහනෙන්  ග්‍රාම  නිළධාරීන්  ඉවත්  වී නොමැති  බවත්  එම  මුදල් ලබාදීම   සඳහා ආණ්ඩුව සමෘද්ධි  අමාත්‍යාංශය  මගින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මටිටමින්   කමිටු  පිහිටුවා ඇති අතර එම කමිටුවලින්   දිවයින පුරා  සිටින   ග්‍රාම නිලධාරීන්  ඉවත්  කිරිමට     කටයුතු  කර ඇති බව  ශ්‍රී ලංකා  එක්සත්  ගමිබද ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති  සෙනරත්  නන්දලාල්  මහතා  අද  (17)  පැවැසීය.

සෙනරත් නන්දලාල් මහතා

සෙනරත් නන්දලාල් මහතා පෙන්වා  දුන්නේ රට තුළ  ඇති  වු ආපදා තත්ත්වයකදි    ග්‍රාමීය මටිටමින්  පිහිටුවා ඇති කමිටුවලින්   ග්‍රාම නිලධාරීන් ඉවත්කිරීම සිය සේවය හෑල්ලු කිරීමක් බවයි.  ග්‍රාම නිලධාරී සේවය නොසළකා හළ ආණ්ඩුව  එම කමිටුවලට  වෙනත්  නිලධාරීන්    පත්කර රුපියල්  5000  දීමනාව ඔවුන් මගින් ලබා දිමට කටයුතු  කර ඇති බවද ඔහු පවසයි.  කොරෝනා අවදානම් තත්ත්වය   මැඩ පැවැත්වීම සඳහා රජය මගින් ගෙනයන  වැඩ පිළිවෙලින්  ග්‍රාම නිළධාරීන් ඉවත්  වී  ඇති බවට රට පුරා  මතයක්  ගොඩ නැගෙමින්  ඇති බවද ඒ මහතා  පැවසීය. මේ දිනවල  වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා, වකුගඩු දීමනා , මහජන  ආධාර , වැටලිමි  කටයුතු , මරණ කටයුතු  , ඇඳිරිනීති බල පත්‍රවලට අදාල ලියවිලි සකස්  කිරීම  වැනි  කටයුතු වල ග්‍රාම නිලධාරීන්  යෙදි සිටින  බවද  නන්දලාල් මහතා පැවැසීය. මෙම රුපියල් 5000 දීමනාව ⁣ ලබා  දෙන්නේ  සමෘද්ධි  බැංකුවට අයත්  මුදල්  වලින්  බව ආණ්ඩුව පැවසුවත් එය  අසත්‍යයක් බවත්  එම  මුදල්  සමෘද්ධි බැංකුවට අයත්  මුදල්  නොව ආණ්ඩුව මගින්  ආපදා වලට වෙන්කර ඇති  මුදල්  බවත්  හෙතෙම පැවසීය.
ගමෙි  ජනතාව සමග සමීපයෙන්ම කටයුතු  කරන්නේ  ග්‍රාම නිලධාරීවරුන් බවත්,   කොරෝනා මර්ධන වැඩපිළිවෙළ  සදහා  පත්කර ඇති අංශ  විසින් රුපියල් 5000 ලබාදීමේ වැඩසටහනෙන්   ග්‍රාම නිලධාරීන්  ඉවත්  කිරීම සමිබන්ධයෙන්  කණගාටුව  පළ කර සිටින බවත් සෙනරත් නන්දලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සංස්කාරක

Related post

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *