45ක් නිරෝධායනයට, බලංගොඩ නෙල්ලිවෙලට එන්න එපා – සෞඛ්‍ය අංශ

රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි
බලංගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටිඨාශයට අයත් නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ පවුලේ අය ඇතුළු ඔහු සමග සමීපව අැසුරු කළ තවත් පුද්ගලයන් 45 දෙනෙකු අද (27) පස්වරුවේ ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව ඉඔුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.පී.සි. ප්‍රනාන්දු මහතා පැවැසිය.
මෙි අතර එම නාවික සෙබළා විසින් භාණ්ඩ මිල දී ගෙන ඇති නෙල්ලිවෙල ප්‍රදේශයේ වෙළඳසල් දෙකකට මුදාා තැබිමට කටයුතු කළ බව ඒ මහතා කිය. වැලිසර නාවික හමුදා කදවුරේ සිට ඉකුත් 22 වැනිදා එම සෙබළා නිවාඩුවට පැමිණ ඇත. අයි.ඩි.එචි.රෝහලේ සිදුකළ පී.සී ආර්.පරික්ෂණයෙන් පසු ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව ඒ මහතා පැවැසිය. නෙල්ලිවෙල ප්‍රදේශයට පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් හට ඇතුළු නොවන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිති. නෙල්ලිවෙල ප්‍රදේශයේ යමි අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ අැති වුවහොත් වහාම ඉඔුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.