2022 වර්ෂයේ ජනවාරි මුල් සති දෙකට ඩෙංගු රෝගීන් 4138ක්. පළාත් පාලන අමාත්‍යංශය මර්ධනයට එක් වේ

ඩෙංගු වසංගත තත්වයක් දක්වා ඇතීවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක් – නීරෝගීමත් හෙටක් ” මැයෙන් දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහන 2022 ජනවාරි මස 20 වන දින පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් මුලික අදියර ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවට කාලයක් තිස්සේ සිට පැවත එන ඩෙංගු උවදුර නැවත වතාවක් හිස ඔසවාගෙන තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ ඩෙංගු මර්ධනයට ඇති අවධානම අඩුවෙලා තිබෙනවා. පසුගිය කාලයේ සංඛ්‍යාලේඛණ බලපුවහම ගිය වර්ෂය ඇතුලත 39000 ක පමණ පිරිසක් ඩෙංගු උවදුරට ලක් වෙලා තිබෙනවා. ආසන්න වශයෙන් මරණ 30 කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා. සමහර පුද්ගලයන් මෙම කොවිඩ් සහ ඩෙංගු යන උවදුරු දෙකටම ගොදුරු වෙලා තිබෙනවා. මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව වැඩසටහන් කිරීම මඟින්  මෙම තත්ත්වයෙන් මීදීමේ හැකියාව අපට ලැබෙනවා.යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.එම්.බී වීරසේකර පැවසීය. ලේකම්වරයා එසේ පැවසුවේ පසුගිය (20) දින ඩෙංගු මර්ධන  ජාතික වැඩ සටහන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී  ආරම්භ කිරිමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමිණි. 

පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රමුකත්වය ගත යුතු ඩෙංගු මර්ධනය අඩුකිරීමට, වලක්වා ලීමට හා නැති කිරීමට. ඒ සඳහා ගරු අමාත්‍යා රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි අද දවසේ සිට අපි ඩෙංගු මර්ධන වැඩ සටහනක් ආරම්භ කලා.පළාත් පාලන කොමසාරිස් වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා පළාත් සභා සමඟ එක්ව ඩෙංගු මර්ධනය කිරීම සඳහා වැඩ පිළිවෙළ. හෙට දවසේත් ක්‍රියාත්මකයි. මෙම උවදුරේ හානි මට්ටම අඩුවන තෙක් දිගටම මෙම ඩෙංගු මර්ධන වැඩසටහන පවත්වා ගෙන යාමට අපි නායකත්වය ගත යුතුයි. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.එම්.බී වීරසේකර  මහතා වැඩි දුරටත් පැවසීය.

තව දුරටත් අදහස් දැක් වු අමාත්‍යාංශ ලේකම් අපේ මූලික අරමුණක් බෝ නොවන රෝග පාලනයට ඇති පරිසරයක් ඇති කිරීම.එහි දී කසල කළමණාකරණය අවදිමත් වීම, වැසිකිළි වල ජලය එක් රැස් වීම, වැහි පිහිලි වල ජලය රැස් වීම, කුඩා භාජන වල ජලය එක් රැස් වීම වැනි දේවල් පිළිබඳ සුපරික්ෂා කාරීවීමයි.එ මඟින් ඩෙංගු මදුරුව බෝවීමට හැකියාව අඩු කර ගත හැකියි. අපි මහන්සි වුනොත් පමණයි අපිට මෙම මර්ධන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව රජයකට හෝ මාධ්‍යය මඟින් මෙය පමණක් සිදු කිරිමට නොහැකියි.

සෑම දිස්ත්‍රික්කයක් තුලින්ම ඩෙංගු රෝගින් වාර්තා වීමත් ,ඒ අතරින් නගර සභා තුල ජිවත්වෙන  නාගරික වාසීන්  අතරින් ඩෙංගු රෝගින්  වැඩියෙන් මතුවීම විශේෂයක්.සෞඛ්‍ය අමාත්‍යාංශ ඩෙංගු මර්ධන ඒකකයේ දත්තයන්ට අනුව මේ සති දෙකට ලංකාවෙන් ම රෝගීන් 4138 ක් වාර්තා වෙනවා කියන්නේ භයානක තතත්වයක්.පළමු සතියේ 2057 ක් දෙවන සතියේ 2081ක් දක්වා ඉහළ යාමත්  පිළිබඳ අපි සුළුවෙන් සිතිය යුතු කරුණක් නොව කොවිඩ් සේම ඩෙංගු වලින්ද ආරක්ෂා වීමට වග බලා ගත යුතුයි.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා පුහුණු) නයනානාත විතාරණ මිය, අතිරේක ලේකම් (ව්‍යාපෘති අධික්ෂණ) එම්.එම්.නයිමුදීන් මයා, අතිරේක ලේකම් (සංවර්ධන හා පළාත් පාලන)මහේෂිකා කොඩ්ප්පිලි මෙනවිය, අධ්‍යක්ෂ (ඉංජිනේරු)එන්.ඩී.එන් පුෂ්ප කුමාර මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.