2020 මහ මැතිවරණය, මෙන්න සාරාංශය

පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 සදහා ජන්ද ප්‍රකාශ කිරීම අද (5) උදෑසන 7 සිට සවස 5 දක්වා පැවැත්වුණු අතර සමස්ථ ජන්ද ප්‍රකාශකිරීම සියයට 71ක් වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. ජන්දදායකයන් 16263885 දෙනෙක් මෙවර මහ මැතිවරණය සදහා ජන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබ තිබිණි.
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය හැදින්විය හැකි වන්නේ කොවිඩ් වසංගතය නිසා පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව මෙම මැතිවරණය පැවැත්වුණු බැවිනි. එය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම නිලධාරීන්ටද අලුත් අත්දැකීමක් වූ අතර මුහුණු ආවරණ පැළැද ,මීටරයක් දුරින් ඉද ,නිවසේ සිට රැගෙන ගිය පෑනක් උපයෝගී කරගෙන ජනතාව තම මනාපය පළ කරනු දක්නට ලැබිණි. මන්ත්‍රී ආසන 225ක් සදහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමට මෙම මැතිවරණය පැවැත්විණි . ඉන් අස්සන මට්ටමින් මන්ත්‍රීවරුන් 196ක් තෝරාගන්නා අතර ජාතික ලයිස්තුවෙන් 29ක් තෝරා ගනී.
මෙවර මහ මැතිවරණයේදී දිස්තිරික් වශයෙන් ප්‍රකාශ වූ ජන්ද ප්‍රතිශතයන් මෙසේය.
නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කලුතර 71%
මාතලේ 71%
නුවර 71%
අනුරාධපුර 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%
මේ අතර අද සවස වන විට ලැබී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි ගණන 418ක් බවත් අපේක්ශකයන් 7ක් ඇතුළුව 512 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එසේම සමස්තයක් වශයෙන් ජන්දය සාමකාමීව පැවැති බවද ඉදිරි සතියක කාලයක් පුරා පෙළපාලි පැවැත්වීම තහනම් බවද ඔහු පැවැසීය.