2020 පාර්ලිමේන්තු මැතිවරණය – සාරාංශ ප්‍රථිඵලය
මෙවර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රථිපලය අනුව නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 6853693 ක් ලබාගෙන 59.09%ක ජන්ද ප්‍රතිශතයක් ලබා මන්ත්‍රී ආසන128ක් දිනාගෙන ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 17ක්ද සමග සමස්ථ මන්ත්‍රී ආසන 145 ක් ලබා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.
දුරකථනය ලකුණින් තරග කළ සමගි ජන බලවේගය ජන්ද 2771984 ක් ලබා ගනිමින් 23.90% ජන්ද ප්‍රතිශතයක් ලබා මන්ත්‍රී ආසන 47ක් දිනා ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 7ක්ද සමග මන්ත්‍රී ආසන 54ක් දිනා ගෙන ඇත.
මාලිමාව ලකුණින් තරග කළ ජාතික ජන බලවේගය ජන්ද 445958ක් ලබා ගනිමින් 3.84% ක ජන්ද ප්‍රතිශතයක් ලබා මන්ත්‍රී ආසන2ක් දිනා ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් සමග මන්ත්‍රී ආසන 3ක් දිනා ගෙන ඇත.
අලියා ලකුණින් තරග කළ එක්සත් ජාතික පක්ෂය ජන්ද 249435 ක් ලබා 2.15%ක ජන්ද ප්‍රතිශතයක් ලැබුවද එකම මන්ත්‍රී ධුරයක්වත් දිනාගත නොහැකි වූ අතර ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබීම විශේෂත්වයකි.
ගෙදර ලකුණින් තරග කළ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)ජන්ද 327168ක් හිමිකරගනිමින් 2.82% ජන්ද ප්‍රතිශතයක් ලබා මන්ත්‍රී ආසන 9ක් හා එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සමග මන්ත්‍රීධුර 10ක් හිමි කරගෙන ඇත.
මෙයට අමතරව අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය (AITC)ජන්ද 67766ක් දිනා (0.58%) ගනිමින් මන්ත්‍රී ආසන එකක් හා ජාතික ලයිස්තුවෙන් එකක් වශයෙන් මන්ත්‍රීධුර 2ක් හිමි කරගෙන ඇත.
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය( EPDP) ජන්ද 61464ක් (0.53%) ලබා ගෙන මන්ත්‍රීධුර 2ක්ද හිමිකරගෙන ඇත.
ජන්ද 67758ක් (0.58%) ලබාගත් අපේ ජනබල පක්ෂය (OPPP) ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක්ද, තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් ( TMVP)පක්ෂය ජන්ද 67692ක් ලබාගෙන ( 0.58%) එක් මන්ත්‍රී ආසනයක්ද ලබාගෙන තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්ද 66579ක් ලබා ගෙන (0.57%) එක් මන්ත්‍රී ආසනයක්ද , මුස්ලිම් ජාතික සන්ධානය (MNA)ජන්ද 55981ක් ලබාගෙන (0.48%) එක් ආසනයක්ද , තමිල් මක්කල් තේසියකුට්ටනි පක්ෂය (TMTK) ජන්ද 51301 ක් ලබාගෙන (0.44%)එක් මන්ත්‍රී ධුරයක් දිනාගෙන ඇත.
ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය (ACMC) ජන්ද 43319ක් දිනා (0.37%) එක් මන්ත්‍රී ආසනයක්ද , ජාතික කොංග්‍රසය (NC) ජන්ද 39272ක් ලබා (0.34%) එක් ආසනයක්ද , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ජන්ද 34428ක් ලබා (0.34%) එක් මන්ත්‍රී ආසනයක්ද දිනාගෙන ඇත.