2020 ටෝකියෝ ඔලිම්පික්. සිහින අහිමි වෙයිද? තීරණය කොරෝනා අත.

 2020 ටෝකියෝ ඔලිම්පික්. සිහින අහිමි වෙයිද? තීරණය කොරෝනා අත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අඟහරුවාදා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්, මෙම ගිම්හානයේ ටෝකියෝ හී ඔලිම්පික් උළෙල පැවැත්වීම අවදානම් සහගත බව හැඟී ගියහොත්,  එය කල් දැමීමට වඩා මුලුමනින්ම අවලංගු කිරීමට ඉඩ ඇති බවයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික හිටපු කැනේඩියානු පිහිනුම් ශූරයෙකුද වන ඩික් පවුන්ඩ් පවසන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉරණම තීරණය කිරීම සඳහා මාස තුනක හෝ යටත් පිරිසෙයින් මාස දෙකක කාලයක් ගතවනු ඇති බවයි. ඒ අනුව මැයි අග වනවිටවත් ඔලිම්පික් පිළිබඳ තීරණයක් ගත හැකි වනු ඇතියි ඔහු පවසනවා.

“මේ කාලය තුළ සහ ඊට ආසන්නයේ සියල්ල යහපත්ව පාලනය කර තිබෙන්නේද? අපට විශ්වාසයෙන් යුක්තව ටෝකියෝ යන්න පුලුවන්ද? නැද්ද?” කියලා මිනිස්සු අහන්න ඕන කියලයි මම කියන්නෙ. පුවත් සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවා.

ඔහු පවසන්නේ ක්‍රීඩා ආරම්භ කිරීමට පෙර කළ යුතු බොහෝ දේ ඇති බවයි. “ඔලිම්පික් ගම්මානය, ආරක්ෂාව, ආහාර හෝටල් හැමදේම. මාධ්‍ය ප්‍රජාව ඔවුන්ගේ විකාශනාගාර හදාගන්න වුවමනයි”

“ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයක් ගත්තොත් සැළසුම් කළ විදියට ක්‍රීඩාව ඉදිරියට ගෙනයන්න බැහැ කියලා ඔබට සිද්ධ වෙනවා හිතා බලන්න ඔබේ වැඩකටයුතුත් අවලංගු කිරීම ගැන” යනුවෙන් ඔහු පෙන්වා දෙනවා.

දෙමසකට පෙර චීනයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ආසාදනයට මේ වනවිට ලොව පුරා 80.000කට වැඩි පිරිසක් ගොදුරු ව සිටින අතර 2700කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. ඉන් බහුතරය වාර්තා වෙන්නේ චීනයෙන්. නමුත් මේ වනවිට දකුණු කොරියාව, යුරෝපය හා මැද පෙරදිගත් ආසාදනය හිස ඔසවමින් තිබෙන්නේ වසංගතයක් ගැන බිය ඇතිකරමින්. ඒ අතර ජපානයෙනුත් මරන 04ක් වාර්තා වුණා.

කෙසේ නමුත් මළල ක්‍රීඩකයින් දිරිගන්වන පවුන්ඩ් ඔවුන් අඛන්ඩව පුහුණු විය යුතු බව පවසනවා. ජූලි 24 ආරම්භ වීමට නියමිත  මෙවර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලද පිරිස 11000ක්. අගෝස්තු 25 ආරම්භ වීමට නියමිත පැරා ඔිලිම්පික් සඳහා සුදුසුකම් ලද පිරිස 4400ක්.

“අපි දන්නවා ඔබ ටෝකියෝ වෙත යනවා. හැම දර්ශකයකටම අනුව එහි සිදුවන්නට යන්නේ ව්‍යාපාරයක්. ඔබ ඔබේ ක්‍රීඩාව ගැන පමණක් අවධානය යොමු කරන්න. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔබව වසංගතයක් කරා නොයවනු ඇති බව සහතික කරගන්න” යැයිද ඔහු පවසනවා.

නූතන ඔලිම්පික් උළෙල 1896 දී  අවලංගු කෙරුණු අතර ඒ යුද්ධය නිසා.  1940 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල අවලංගු කළේ ජපානය හා චීනය අතර පැවති යුද්ධය නිසා සහ දෙවන ලෝක යුද්ධය නිසායි. 2016 සිකා වෛරසය පැතිරෙමින් තිබියදී බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් තරඟ සැළසුම් කළ පරිදි පැවැත්වුණා.

පවුන්ඩ් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගන්නා කුමන හෝ තීරණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත ගනු ඇති බවයි. “ඔලිම්පික් කල් දමනවා නම් එය එහි ප්‍රමාණය හා පරිමාව මත කළ නොහැක්කක්. මෙහි බොහෝ චාලක බලවේග තිබෙනවා. හුඟක් රටවල්, වෙනස් අවධි, තරඟකාරී අවධි, රූපවාහිනී කාල රාමු. ඒ නිසා අපි මෙය ඔක්තොම්බරයේ කරනවා කියලා ලේසියට කියන්න බැහැ”

ඒ අතර ලන්ඩනයේ නගරාධිපති අපේක්ෂක ෂෝන් බෙයිලී යෝජනා කරන්නේ බ්‍රිතාන්‍ය අගනුවර විකල්පය ලෙස භාවිතා කළ හැකි බවයි. ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකො දකින්නේ එම යෝජනාව වෛරසය යොදාගෙන දේශපාලනය කිරීමක් ලෙසයි.

පවුන්ඩ් පවසන්නේ ඔලිම්පික් ඉසව් ලොව වටා වෙනත් තැන්වල පැවැත්වීම ගැන තමන්ගේ මනාපයක් නැති බවයි. එය ඔලිම්පික් ව්‍යවස්ථාවට පටහැණි බව ඔහුගේ අදහසයි. මාස කිහිපයක දැනුම් දීමකින් පමණක් දින 17ක් තුළ තරඟ ඉසව් ගණනාවක් සංවිධානය කිරීම අසීරු බව ඔහු පවසනවා.

“ඔලිම්පික් කල් දැමීම ගැන තරඟ විකාශකයින් නම් සෑහීමකට පත් වෙන්නෙ නැති වෙයි” පවුන්ඩ් පවසනවා. ඔලිම්පික් වසරකින් කල් යා හැකි බවටද ඔහු සැක පහළ කළා. ජපානය මෙවර ඔලිම්පික් සඳහා ඩොලර් බිලියන 12.6ක් වැය කරන නමුත් විගණන අංශ පෙන්වා දෙන්නෙ එම මුදල දෙගුණයක් විය හැකි බවයි.

“ඔබ ඇසිය යුතුයි මේ බුබුල නොපිපිරී තව අවුරුද්දක් තියාගන්න පුලුවන්ද කියලා. අනිවාර්යයෙන්ම මේ සියල්ල ජාත්‍යන්තර තරඟ කාලසටහන් සමග ගලපා ගත යුතුයි” 

පවුන්ඩ් පවසන අන්දමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඩොලර් බිලියන 01ක හදිසි අවස්ථා අරමුදලක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා ෆෙඩරේෂණය සහ ඔලිම්පික් කමිටුව රඳා පවතින්නේ කමිටුවේ ආදායම මතයි. සිව් අවුරුදු ඔලිම්පික් චක්‍රයක් තුළ එයට ලැබෙන ආදායමෙන් සියයට 73ක් ලැබෙන්නේ විකාශන අයිතිය විකිණීමෙන්. “මේ අවධානම රක්ෂණය කරන්න බැරි නැහැ. ඒ වගේම එය තවත් පාර්ශවයක් මත පටවන්න පුලුවන් එකක් නෙවෙයි. සියලු දෙනා තමන්ගේ කොටස භාරගන්න ඕන. මේ තත්ත්වය එක්ක ඔලිම්පික් කමිටුවේ ආදායම අඩුවෙන්න පුලුවන්”

පවුන්ඩ් වැඩිදුරටත් පැවසුවේ ටෝකියෝ ඔලිම්පික් අනාගතය වෛරසය අත මිස ඔලිම්පික් කමිටුව අත රඳා නොපවතින බවයි.     

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *