19 ගැන කතාවක් නැහැ, මහින්ද අමරවීර

එළඹෙන මහ මැතිවරණයේදී අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශක්තියක් වීම පිළිබඳව සාකච්ඡා කළ නමුත් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම පිළිබඳව කිසිවක් කතා නොකළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්ව තරඟ කිරීමට තීරණය කරන ලද්දේ කොන්දේසි රහිතව හා කේවල් කිරීමකින් තොරව බවද පවසන ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඊට අවශ්‍ය වැඩපිළිවෙල තීන්දු කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට සහාය දිය යුතුය යන ස්ථාවරයේ සිටින බවයි. මේ වනවිට ආණ්ඩුව පවත්වා ගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති තත්ත්වයක් තුළය. ඒ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රකාශ කළේ ආණ්ඩුවේ යහපත් කාර්යයන්ට විපක්ෂයේ සහය ලබාදෙන බවයි.
බොහෝවිට අප්‍රේල් මස අවසානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර පොදු ජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර ගොඩ නැගෙන සන්ධානයට තරඟ ලකුණ පිළිබඳවද ගැටලුවක් නැති වනු ඇතැයි නිදහස් පක්ෂයේ ඇතැම් නියෝජිතයෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු පොදු ජන පෙරමුණ සමඟ අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ හැකියාව තම පක්ෂයට තිබෙන බවයි. ඒ අනුව ඉදිරි මැතිවරණයේ ජය නිශ්චිත හා පැහැදිලි එකක් වනු ඇති බවද ඔහු පැවසුවේය.
ප්‍රියන්ත දමනේවෙල