⁣රෝගී නාවික සෙබළා සිටි බලංගොඩ නෙල්ලිවෙල ප්‍රදේශය විෂබිජහරණය කරයි.

 ⁣රෝගී නාවික සෙබළා සිටි බලංගොඩ නෙල්ලිවෙල ප්‍රදේශය  විෂබිජහරණය  කරයි.

සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

කොළඔ අයි.ඩි.එචි. රෝහ⁣ලේ න්වාසික ප්‍රතිකාර ලබන වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික සෙබළා නිවාඩුවට පැමිණ රැඳී සිටි බලංගොඩ නෙල්ලිවෙල ප්‍රදේශයේ සියලු මාර්ග සහ එම සෙබළා සමග සමීපව අැසුරු කළ පුද්ගලයන් 37 දෙනෙකු නිරෝධායනය කර සිටින නිවාස විෂබීජහරණය කිරීම ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පින්නවල පොලීසිය සහ ඉඔුල්පේ ප්‍රාදේශිය සභාවෙි සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා ඇතුළු නිලධාරීන් විසින් අද (26) දහවල් සිදු කරනු ලැබීය.

මෙි අතර එලෙස ස්වයං නිරෝධායනය වෙමින් සිටින පවුල් සඳහා වියළි ආහාර මලු ලබා දීමද මෙහිදී සිදු කෙරිණි. එම නාවික සෙබළා නිවාඩුවට පැමිණ සිටියදී සමීපව අැසුරු කළ පුද්ගලයන් 37 දෙනෙකු දින 14 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කර ඇති බව ඉඔුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.ටි.සි.ප්‍රනාන්දු මහතා පැවැසිය. එම නාවික සෙබළා පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහ රෝහලට යොමු කිරිමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අයි.ඩි.එචි.රෝහල වෙත යවා තිබෙන අතර ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී අැති බවට මෙතෙක් තහවුරු වී නැති බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසිය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *