හොරෙන් හැටන් ආ පිරිසට වැඩ වරදී
බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරස් අවධානම් ප්‍රදේශ වල සිට ඉකුත් (10) දින සිට වතුකරයේ නිවාස වලට පැමිණ පොලීසිය සහ සෞඛ්‍ය අංශ දැනුවත් නොකළ අයට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂන් මහතා පවසයි.
කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටි වතුකරයේ විශාල පිරිසක් දීපවාලි උත්සවය නිමිත්තෙන් ඉකුත් (10) දින සිට වරින් වර වතුකරයට පැමිණ බවත් ඒ අය අතරින් ඇතැම් පිරිස් පොලිසිය සහ සෞඛ්‍යය අංශ දැනුවත් නොකර ඇති බව හෙළිවී තිබෙන බවත් ඒ මහතා කීය.
පොලීසිය සහ සෞඛ්‍ය අංශ දැනුම්වත් නොකර එලෙස පැමිණ සිටි තරුණයෙකු හඳුනා ගෙන පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වූ බවත් ගනේෂන් මහතා පැවසුවේය.
බගවන්තලාව කොටියාගල වතුයායට ඉකුත් (10) දින පැමිණි පිරිසක් පොලීසිය හෝ සෞඛ්‍ය අංශ දැනුම්වත් නොකොට සැඟව සිටින බවට ලද තොරතුරු මත බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් අදාළ වතු නිවාස වෙත ගොස් ඔවුන් සියලුම ස්වයං නිරෝධනයට යොමුකළ බවත් එම පිරිසට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.