හොරෙන් බඩු වික්ක කඳුකරයේ තැබෑරුම්වලට වැඩ වරදී

 හොරෙන් බඩු වික්ක කඳුකරයේ තැබෑරුම්වලට වැඩ වරදී

හැටන් සුරාබදු කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ සහ වටගොඩ ප්‍රදේශෙවල සුරාසැල් අටකට මුද්‍රා තැබීමට තලවාකැලේ පොලීසිය ඊයේ (06) පියවර ගෙන තිබේ. දිවයින පුරා සුරාසැල් වසා දමන ලෙස රජය නියෝග කර තිබියදී ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවල තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතැම් සුරාසැල්වලින් රහසේ මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරු මත පොලීසිය පරීක්ෂණයක් සිදුකර ඒවාට සීල් තැබීමට  පියවර ගෙන ඇත. මෙම සුරාසැල‍වලින් වතුකරයේ පුද්ගලයින් මත්පැන් බෝතල් රැගෙන ගොස් වතුකරය තුළ වැඩි මිලට අළෙවි කරන බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ. මත්පැන් අළෙවි සැල් වසා තිබෙන නිසා ඒවාහි හිමිකරුවන් සුරාසැලවල ඇති මත්පැන් තැරුව්කරුවන් මගින් වතුකරයට යවා ඒවාහි වැඩි මිලට අළෙවි කරන බවත් එවැනි සිදුවීම් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *