හොරෙන් පතල් කපා නිරෝධායනයට, උසාවි පස්සට

බළන්ගොඩ බෝවත්ත රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ස්වයං නිරෝධනයට ලක් කරයි. ඔවුන් ඉදිරියේදි නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරිමට ද නියමිත බව වාර්තා වෙයි.
බළන්ගොඩ රජවක බෝවත්ත රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වි පතල් කපමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන පසුව බළන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් මාර්ගයෙන් ස්වයං නිරෝධායනයට ලක් කල බව බළන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය.
බළන්ගොඩ බෝමීඅරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා එම ප්‍රදේශයේ සිට පැමිණ බළන්ගොඩ ප්‍රදේශයේ තිදෙනෙකු සමග මැණික් ගැරිම හේතුවෙන් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්ත්වය සළකා මොවුන් සිව්දෙනාම බළන්ගොඩ ප්‍රදේශයේ නිවෙස්වල මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කර ඇත. දින 14 ක නිරෝධායනය අවසන් වු පසු රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරිමේ චෝදනාව යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා බළන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පත් ප්‍රියනන්දන