හිර ගෙදරට ගෙන ගිය කුඩු අත්අඩංගුවට

 හිර ගෙදරට ගෙන ගිය කුඩු අත්අඩංගුවට

ප්ලාස්ටික් කෑම පෙට්ටියක පතුලේ පිටතට නොපෙනෙන ලෙස සූක්ෂම ලෙස සකස් කරන ලද කොටසක සඟවා පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගරයේ රැඳවියෙකුට හෙරෝයින් මත්කුඩු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මත්කුඩු ජාවාරමේ නිරත බවට චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින අයෙකුට ලබාදීම පිණිස සැකකරු මෙම මත්කුඩු කෑම පෙට්ටියේ සඟවා රැගෙන ගොස් තිබේ.

සැකකරු බන්ධනාගරය තුළට රැගෙන යෑමට උත්සහ කළ මත්කුඩු ප්‍රමාණය ග්රෑම් 08 ක් බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.

බන්ධනාගාර ගතව සිටින පුද්ගලයා රැඳවියන්ට අළෙවි කිරීම පිණිස මෙම මත්කුඩු තොගය පිටතින් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාර අධිකාරී විජය තෙන්නකෝන්,සහකාර බන්ධනාගාර අධිකාරී ආර්.එස් මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් රංජිත් ප්‍රේමලාල්  ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පල්ලේකැලේ පොලීසියට බාරදී තිබේ.


සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *