හිරගෙදර බස් එක හග්ගල ගෙදරක
නුවරඑළියේ සිට බදුල්ල බන්ධනාගාරය දක්වා දක්වා ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස් රථයක් හග්ගල උද්භිද උද්‍යානය අසළදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් එහි ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරු ඊයේ (31) පස්වරු 5.30 ට පමණ සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.
බස් රථය පෙරලීමෙන් නිවසටද දැඩි අලාභ හානි සිදුව ඇත.නිවසේ සිටි අය නිවසින් පිටතට දිවගොස් දිවි බේරාගෙන තිබේ.නුවරඑළිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.