හිටපු මන්ත්‍රී ආශුට එරෙහිව අපහාස නඩු?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා තලාතුඔය ජන රැළියකදී තමන්ටත් තම පවුලේ සාමාජිකයින්ටත් අභූත චෝදනා එල්ල කරමින් අපහාස කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සමඟි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නියමිත කාලයේදී අවසන් කිරීමට නොහැකි වූයේ තම දියණිය ඉල්ලූ කොමිස් මුදල නොලැබුණු නිසා බවට අසත්‍ය ප්‍රකාශ රැසක් සිදුකර තිබෙන ආශු මාරසිංහ මහතා තමන්ට නොයෙක් අපහාස සිදුකර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
පසුගිය මැතිවරණ ගණනාවක අපරාජිත දේශපාලනඥයෙකු ලෙස තමන් පාර්ලිමේන්තුව නියෝජනය කළේ මහනුවර ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය නිසා බවත් එදා එජාපයේ සිට පක්ෂයට ජයග්‍රහණ ලබාදෙන විට හොඳවූ තමන් දැන් නොහොඳ වී ඇත්තේ සමඟි ජනබලවේගය හා එක්වීම නිසා බවද හෙතෙම සඳහන් කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම නීතිඥයින් මේවන විටත් පියවර ගෙන තිබෙන බවද ඒ මහතා කීය.