හැම දරුවටම නොමිලේ – කල්තොට යූ ටියුබ් ඉස්කෝලේ
කල්තොට-බුදුගල සෝමරතන හිමි
ලංකාවේ පළමු සජිවි යුටියුබ් පාසල පසුගිය 11 වන දින සිට බළන්ගොඩ කල්තොට දුෂ්කර ගොවි ජනපදයේ පිහිටි ර/කල්තොට රෝහණ විද්‍යාලයේ සිට යළි ආරම්භ කළ බව විදුහල්පති අධ්‍යාපනපති වැලිපත සුමනරතන හිමියෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව අ.පො.ස.සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, බුද්ධ ධර්මය,ගණිතය,විද්‍යාව,ඉංග්‍රිසි,ඉතිහාසය,ආදි ප්‍රධාන විෂයයන් වලින් දිනකට දෙක බැගින් සතියේ දිනවල පෙ.ව.9.00 සිට 9.45 දක්වාත් පෙ.ව.10.00 සිට 11.00 දක්වාත් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
දැනට පවතින කොවිඩි 19 දෙවන රැල්ල හමුවේ ලංකාවේ පාසල් දු දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු අඩාළ වි ඇති මෙම කාලය තුළ ඔවුන්ගේ අධ්‍යාපන සංවර්ධනය අරමුණු කර ගෙන මෙම සජිවි යුටියුබ් පාසල ක්‍රියාත්මක වන අතර මේ සඳහා ප්‍රදේශයේ පාසල් හා පිරිවෙන්හි ප්‍රවීණ ගුරු භවතුන් මෙන්ම ප්‍රදේශයේ සම්පත් දායක ගුරු භවතුන් දේශකයන් ලෙස සම්බන්ධ වේ.
බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ පි.ජි.ආරියපාල මහතාගේ සහ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (සිංහල ආගම පුස්තකාල හා පිරිවෙන්) ඩබ්ලිව්. උපුල් රංජිත් මහතාගේ අධීක්ෂණය යටතේ විදුහල්පති අධ්‍යාපනපති වැලිපත සුමනරතන හිමියන්ගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ඩබ්.ඒ.යු.කේ.ලක්මාල් වීරසිංහ මහතාගේ තාක්ෂණික දායකත්වය මත මෙම යුටියුබ් පාසල ක්‍රියාත්මක වේ.
විදුහල්පති අධ්‍යාපනපති වැලිපත සුමනරතන හිමියන් ප්‍රකාශ කළේ, මෙහි සියලූ පාඩම් යුටියුබ් වෙත ගොස් kalthota rohana vidyalaya යෙදීමෙන් සජිවීව නැරඹිය හැකි බවත් ලංකාවේ ඕනෑම පාසලක දරුවෙකුට හෝ ගුරු වරයෙකුට ඕනෑම අවස්ථාවක කසබන නොමැතිව කිසිදු මුදල් අය කිරිමකින් තොරව නොමිළේ යළි නැරඹිමට හැකි විම මෙහි ඇති සුවිශේෂත්වය බවයි.විවිධ තාක්ෂණික ගැටලූ හා දුෂ්කරතා බාධක මධ්‍යයේ වුවත් කෙසේ හෝ මෙම සජිවි යුටියුබ් පාසල දැයේ දු දරුවන් වෙනුවෙන් ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යන බව විදුහල්පති හිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.