හැටන් හී තැපැල් වර්ජනයක්. සේවාලාභීන් මහ පාරේ.
හැටන් ප්රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් පියසේ නිලධාරින් සහ සේවකයින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් (17) දින තැපැල් කාර්යාලය වසා දමා වෘත්තිය සමිති ක්රියාමාර්ගයකට එලඹ ඇත.
දිවයින පුරා තැපැල් කාර්යාල වල සියළුම සේවකයින්ට කොවිඩ් 19 මර්ධන එන්නත් ලබානොදිම ,සංචරණ සිමා පනවා තිබියදි සේවයට පැමිණෙන සේවකයින් සදහා ප්රවාහන ගාස්තු ලබා නොදිම ,සේවයට පැමිණෙන සුළු සේවක පිරිසගෙන් තැපැල් සේවයේ සියළුම සේවාවන් ඉටු කර ගැනිමට කටයුතු කිරිම යන කරුණු පදනම් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්රියාමාර්ගයට පිවිස ඇත.
මෙම වෘත්තිය සමිති ක්රියාමාර්ගයට සමගාමිව ගිනිගත්හේන ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්රධාන නගර වල පිහිටි සියළුම තැපැල් කාර්යාල වල සේවකයින්ද අදාල වෘත්තිය සමිති ක්රියාමාර්ගයේ නියැලි සිටිහ.
තැපැල් සේවකයින් ආරම්භ කල වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යාලයට පැමිණි වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත් වි සිටිහ.