හැටන් පොලීසියට ඉතාලි ඔත්තුවක්

ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (16) දින ඔහු සොයා ගනු ලැබිණ.
වසර 12 ක් ඉතාලියේ රැකියාව සිදු කර ඇති ඔහු ඉකුත් 3 දින හැටන් ඩන්බාර් ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, එදා සිට අද දක්වා ප්‍රදේශයෙන් බැහැරව ගොස් නොමැති නමුත්, කිසිදු නිරෝධායන කටයුත්තකට ඉදිරිපත් වි නොමැති බවත්, සඳහන් තොරතුරු පොලීසියට ලැබී තිබුණි.
හැටන් පොලිසියේ නිලධාරින් හා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් මුඛ ආවරණ පැලඳ ඔහු පදිංචි නිවසට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුට කිසිදු රෝගි ලක්ෂණයක් නොතිබුණු නිසා තවදුරටත් නිවසේ සිටම ස්වයං නිරෝධානයක නියැලෙන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
ඉතාලියේ සිට පැමිණි පුද්ගලයා පදිංචි හැටන් ඩන්බාර් යනු ජනාකිර්ණ ප්‍රදේශයකි. විදේශගතව රටවල් කිහිපයක සිට මෙරටට පැමිණ කිසිදු නිරෝධාන කටයුත්තකට සහභාගි නොවු කිහිප දෙනෙකු හැටන් ප්‍රදේශයේ සැගවි සිටින බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.