හැටන්, තැබෑරුම්වල බඩු ඉවරයි

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම සමග වසා දමා තිබු සුරාසැල් විවෘත කිරීමට (13) දින අවසර ලබා දීමත් සමග හැටන් ප්‍රදේශයේ සුරාසැල්වල තිබු මත්පැන් තොග අවසන් වී ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසීය.

මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ සුරාසැල් වෙත මත්පැන් තොග නිකුත් නොකිරීම නිසා ඒවායේ තිබු සිමිත මත්පැන් බෝතල් තොගය (13) දින පස්වරුව වන විට අවසන් වී ඇති බව ජානක පෙරේරා මහතා පවසයි.
එම සුරාසැල්වලට අවශ්‍ය මත්පැන් තොග රැස් කිරීමට මත්පැන් නිකුත් කරන බවත් එ්වාට පැමිණෙන පාරිභෝගිකයන් සෞඛ්‍ය උපදෙස් වලට පිළිපදින්ටන්ද යන්න පිළිබඳව සහ මත්පැන් නිකුත් කිරිමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාසැල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව මත්පැන් නිකුත් කරනවාද යන්න පිළිබඳව අධීක්ෂණ කටයුතු සිදු කරන බවත් හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා වැඩිදුරටත් පැවසිය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *