හාලි ඇල ශෝකයෙන් මුසපත් කළ සිදුවීමේ වැඩිදුර විස්තර

හාලිඇල විද්‍ය විද්‍යාලයේ 10 වසර සිසුන් සහභාගී වූ අධ්‍යාපන චාරිකාවේ නවාතැන් පහසුකම් සළසා තිබූ ගෝමරන්කඩවල මැදවච්චිය විහාරස්ථානය අසළ ඇති වැවේ දිය නෑමට ගිය සිසුන් පිරිසක් අද (19) අනතුරට ලක් වී තිබෙනවා. වෙනත් මූලාශ්‍රයකට අනුව සවස හයට පමණ වැවේ බෝට්ටු පැදීමට ගිය අතරතුර සිසු පිරිස, බෝට්ටුව දියේ ගිලීමෙන් මේ අනතුරට මුහුණ දුන් බව පැවසෙනවා. කෙසේවෙතත් පොලීසිය පවසන අන්දමට සිසුන් අනතුරට ලක්ව ඇත්තේ දිය නෑමට ගිය අතරතුරේදී. වැවේ නොගැඹුරු ස්ථානයක දිය නාමින් සිටි ඔවුන් ගැඹුරට පිහිනා යාම නිසා අනතුරට ලක්ව තිබෙන බවයි පොලීසිය පවසන්නේ. දියේ ගිලී මරණයට පත් වූ සිසුන් සිව් දෙනෙකුගේ මෘතදේහ ගෝමරන්කඩවල රෝහලට ගෙනැවිත් තිබෙනවා. තවත් සිසුන් තිදෙනෙකු බේරාගෙන ඇති බව සහ ඔවුන් නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වෙනවා. තවත් සිසුන් සිවු දෙනෙකු සොයමින් සිටින බව අප වාර්තාකරු පැවසුවත් පොලීසිය එවැන්නක් තහවුරු කළේ නැහැ. එහෙත්, සිසුන්ගේ නාමලේඛන ඇසුරින් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. හාලිඇල අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගෝමරන්කඩවල බලා පිටත්ව යෑමට නියමිතයි.