හරක් ගෙන ගිය හරක් අල්ලයි

බිබිල සිට ගම්පොළ වෙලම්බඩ දක්වා හිංසාකාරී ලෙස ගවයින් 16 දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දවුලගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලොරිය තුළ සිරවී සිටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් සිට ගවයින් සිව් දෙනෙකු පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව පශු වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
අදාළ ලොරි රථය උඩුනුවර තොටදෙණියේදී යතුරු පැදියක ගැටීමට ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් ලොරිය තුළ ගවයින් විශාල සංඛ්‍යාවක් හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරන බව දැක පොලීසියට දැනුම් දී තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ලොරි රථය හා ගවයින් සමඟ මෙම මස 21 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.