හදිසි මරණ පරීක්ෂකවරු ආරක්ෂාව ඉල්ලති

 හදිසි මරණ පරීක්ෂකවරු ආරක්ෂාව ඉල්ලති

දිවයින පුරා සේවයේ යෙදී සිටින හදිසි මරණ පරික්ෂකවරුන්ට රාජකාරි කටයුතු සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ යුතු බව ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍යය ප්‍රකාශක ෆසිර් මොහොමඩ් මහතා පැවසිය. තම සංගමයේ විධායක සභාව මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් රෝහලකදි සිදු නොවන හදිසි මරණයකදි මරණ පරික්ෂණය සඳහා පොලිසිය සමඟ අදාළ ස්ථානයට යන්නේ  හදිසි මරණ පරික්ෂකවරුන් බවත් ඒ මහතා කීය. මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ෆසීර් මොහොමඩ් මහතා අද (07) මේ බව පැවසුවේය.

අධිකරණ අමාත්‍යංශය යටතේ සේවය කරන තම සංගමයේ සමාජිකයන් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ හදිසි මරණ පරික්ෂණයක් සිදු කිරිමේදි දැඩි අවධානම් තත්ත්වයකට මුහුණ දී සිටින බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍යය ඒකකය සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය. රෝහලකදි පැවැත්වෙන හදිසි මරණ පරික්ෂණයකදී අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශය මත එම මරණ පරික්ෂණට සහභාගි වීම ගැටලුවක් නොවන බවත් ගෘහස්ථව හෝ රෝහල වෙත රැගෙන යන අතරතුර සිදුවන හදිසි මරණයකදී ඒ සම්බන්ධ මරණ පරික්ෂණය පවත්වා ඥාතින්ට සිරුර බාරදීමේදී පවත්නා තත්ත්වය තුළ අවධානමක් පවතින බවත් ඒ මහතා කීය. තම සංගමයට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමට ස්වෙච්ඡා සංවිධාන වලට හෝ පරිත්‍යාගශීලින්ටද අවස්ථාවක් ඇති බවත් ඒ සඳහා කටයුතු කළහැකි පුද්ගලයෙකු හෝ සංවිධානයක් හෝ ව්‍යාපාරික ආයතනයක් වේ නම් ළඟම ඇති රෝහලේ සේවයේ නියතුව සිටින හදිසි මරණ පරික්ෂකවරයා හෝ පරික්ෂකවරිය මගින් සංගමය හා සම්බන්ධ වියහැකි බවත්  ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකවරයා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *