හදිසි නීතිය සහ හදිසි අවස්ථා නියෝග මැයි මාසයේ පැනවූ හදිසි අවස්ථාව
නීතිඥ ජගත් ලියන ආරච්චි
මහජන ආරකෂක ආඥා පනතේ 2වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 2022 මැයි 6 වන දින අංක 2278$22 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකාව මුළුල්ලේම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුල ප්‍රකාශයට පත් කර ඇත. නමුත් මේ වන තෙක් හදිසි අවස්ථා නියෝග ප්‍රසිද්ධ තර නොමැත.
හදිසි අවස්ථාව පැනවීම පිළිබද නීතිමය ප්‍රතිපාදන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව සහ (40වන අධිකාරියවූ)මහජන ආරකෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පමණක් පැවරී ඇති බලයකි.
මේ අනුව මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම දින 10ක් ඇතුලත පාර්ලිමේන්තුව විසින් සම්මත කල යුතුය. එසේ සම්මත කල විට මාසයක කාලයක් දක්වා වලංගුව පවතී. නැවත ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් ගැසට් නිවේදනයක් මගින් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කල හැකිය. මේ ආකාරයට දිගින් දිගටම හදිසි තත්වය පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව සිදුවිය හැකිය.
එසේම හදිසි අවස්ථා පැනවීම පිලිබදව නියෝගයක් පාර්ලිමේන්තුව විසින් පරාජයට පත් කල පසු හෝ දින 14ක කාලය ඉක්මවා යාමෙන් නිර්බල වීමෙන් පසු එළෙඛෙන දින 30ක් ඇතුලත නැවත හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කල නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(7) ව්‍යවස්ථාව දක්වයි.
එසේම හදිසි අවස්ථාවක් පවතින කාලපරිච්ඡේදය තුල ජනාධිපතිවරයාට හදිසි අවස්ථා නියෝග පැනවිය හැකිවන අතර එම නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හැර අනෙකුත් සියලූ නීති අභිබවා ක්‍රියාත්මක වේ.
හදිසි අවස්ථාව පැනවීමේ නියෝගය කිසිදු අධිකරණයක ප්‍රශ්න කල නොහැකි බව මහජන ආරකෂක ආඥා පනතේ 8 වගන්තියේ දැක්වේ. නමුත් හදිසි අවස්ථාවක් යටතේ පනවනු ලබන නියෝග අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කල හැකිය. එයට අමතරව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අවස්ථාව තිඛෙන බැවින් ජනාධිපතිවරයාගේ නියෝගයක් අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ.
උතුරේ යුද්ධය හේතුවෙන් පනවන ලද හදිසි අවස්ථාව 2011 අගොස්තු මාසයේදී මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිතවම අවසන් කරන ලදී. පසුව 2018 වර්ෂයේදී දී දිගන ප්‍රදේශයේ ඇතිවු සිදුවීම් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2018 මාර්තු 6 වන දනි දින හදිසි අවස්ථාව පැනවූ අතර එය 2018 මාර්තු 17 වන දින ගැසට් නිවේදනයක් මගින් අවසන් කරන ලදී. ඉන් පසුව 2019 අපේ්්‍රල් 21 දින සිදුවූ ප්‍රහාරය හේතුවෙන් හදිසි 2019 අප්‍රේල් 22 දින හදිසි අවස්ථාව පැනවූ අතර එය 2018 මැයි 22 දින නැවත දීර්ඝ කල බැවින් ජූනි 22 දක්වා බලපැවැත්විනි,
ගෝඨාභය රාජපකෂ ජනාධිපතිවරයා යටතේ හදිසි නීතිය
ඝෝඨාභය රාජපකෂ ජනාධිපතිවරයා විසින් පළමු වරට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරන ලද්දේ 2021 අගෝස්තු මස 30 වන දින අංක අංක 2243$1 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගිනි. එය පැනවීමට හේතුව ලෙස සදහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පුරා දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සදහා අවශ්‍යතාවයක් පැනනැගී ඇති බවයි. එම හදිසි අවස්ථාව භාවිතා කරමින් 2021 අගෝස්තු 30 දින අංක 2243$3 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් 2021 අංක 1 දරන හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ) නියෝග නිකුත් කරන ලදී. මෙමගින් සහල් වී සහ සීනි පාලන ගබඩා පරීකෂා කිරීමට අනවශ්‍ය ලෙස රැස්කර ඇති තොග මිළට ගෙන අලෙවි කිරීමට බලතල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට පැවරීම සිදුකරන ලදී
එකී නියෝගයේ 9 වන වගන්තිය භාවිතා කරමින් 2021 අගෝස්තු 30 වන දින අංක 2243$5 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් මේජර් ජනරාල් නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසිරිස් ලෙස පත් කරන ලදී. ජනාධිපතිවරයාගේ හදිසි අවස්ථා පැවනවීමේ නියෝගය 2021 සැප්තැම්බර් මස 6 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කල අතර ඒ අනුව හදිසි අවස්ථාව සහ ඒ යටතේ පනවන ලද නියෝග 2021 අගොස්තු 30 සිට සැප්තැම්බර් 30 දක්වා බලපවත්වන ලදී.
ගෝඨාභය රාජපකෂ ජනාධිපතිවරයා දෙවන වරට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 අප්‍රේල් 1 වන දින අංක 2273$86 දරණ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගිනි. මෙම හදිසි අවස්ථාව යටතේ හදිසි අවස්ථා නියෝග නිකුත් කිරීමක් සිදු නොවූ අතර ඒ වෙනුවට මහජන ආරකෂක ආඥා පනතේ 16 වන වගන්තිය භාවිතා කරමින් 2022 අප්‍රේල් 2 වන දින පස්වරු 6 සිට අප්‍රේල් 4 පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය පැනවීම 2022 අපේ්්‍රල් 2 වන දින අංක 2273$89 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් සිදු කරන ලදී. මෙම හදිසි අවස්ථාව පැනවීමේ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකල අතර 2022 අප්‍රේල් 5 වන දින අංක 2274$10 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් හදිසි අවස්ථාව අහෝසි කරන ලදී.
මේ අනුව මැයි 6 වන දින හදිසි අවස්ථා නියෝගය නිකුත් කර ඇත්තේ තුන්වන වතාවටය.
හදිසි අවස්ථාව යටතේ පැනවිය හැකි නියෝග
හදිසි අවස්ථාව බලපැවැත්වෙන කාලය තුලදී ජනාධිපතිවරයාට නියෝග පැනවිය හැකි අතර එම නියෝග අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙකුත් නීති අභිබවා බලාත්මත වේ.
හදිසි අවස්ථා නියෝග පැනවීම කුමන විෂයක් යටතේ සිදුකළ හැකි ද යන්න මහජන ආරකෂක පනතේ 5 (අ) , (ඇ) , (ඈ) යන උපවගන්ති වලින් දක්වා තිබේ ඒ අනුව,
- පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා බලය දීම හා ප්‍රතිපාදන සැලසීම.
- රජය වෙනුවෙන් යම් දේපලක් හෝ කාර්යයක් (සේවාවක් $ කටයුත්තක්) භූක්තියට හෝ පාලනයට ගැනීමට බලය පැවරීම.
- ඉඩම් හෝ වෙනත් දේපල රජය වෙනුවෙන් අත්පත් කර ගැනීමේ බලය පැවරීම.
- ඕනෑම දේපළකට ඇතුළු වීමට හා පරීකෂා කිරීමට බලය පැවරීම.
- නීති සංශෝධනයට , නීති කි්‍රයාත්මකවීම කල්දැමීම හෝ ඕනෑම නීතියක් නවීකරණයන් (ඵදාසසෙජ්එසදබ) සහිතව හෝ රහිතව අදාළ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම.
- හදිසි අවස්ථා නියෝග කි්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් හා බලපත්‍ර සහතික හෝ වෙනත් ලේඛණ හෝ ගාස්තූ ගෙවීම පිළිබඳව ප්‍රතිපාදන සැලසීම.
- රෙගූලාසි යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට වන්දි හා හානිපූර්ණ සැලසීම පිළිබඳ විධිවිධාන සැලසීම.
- රෙගූලාසි යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින් නඩු විභාග , අභියාචනා කාර්ය පිළිබඳ විධිවිධාන සැලසීම .
සන්නද්ධ හමුදා කැදවීම ඇදිරි නීතිය සහ හදිසි අවස්ථාව
මහජන ආරකෂක ආඥා පනතේ 12 වන වගන්තියට අනුව මහජන සාමය පවත්වාගෙන යාටම යුධ ගුවන් සහ නාවික හමුදාවන් ගේ සේවය ලබාගැනීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් එකී හමුදාවන් ගැසට් පත්‍රයේ පල කරන දැන්වීමක් මගින් කැදවිය හැකිය. ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවේ එක්වරක් කැදවූ විට මාසයක කාලයක් එම නියෝගය බලාත්මක වේ. ඒ අනුව පසුගිය වසර කිහිපය ඔස්සේම සන්නද්ධ හමුදා නීතිය සහ සාමය පවත්වාගෙන යාම සදහා මාසිකව කැදවනු දැකිය හැකිය. මේ සදහා හදිසි අවස්ථාව බලාත්මක වීම අවශ්‍ය නොවේ. එසේම මහජන ආරකෂක ආඥා පනතේ 16 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට දිවයිනටම හෝ කොටසකට ගැසට් නිවේදනයක් මගින් ඇදිරි නීතිය පැනවීමේ බලයක් ඇත.එම නියෝගයටද පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවේ. එසේම ඒ සදහා හදිසි අවස්ථාව බලාත්මක වීමද අවශ්‍ය නොවේ.
හදිසි අවස්ථා නීයෝග සහ මූලික අයිතිවාසිකම්
කෙසේ නමුත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(නීතියේ සමාන රැකවරණය), 13( අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් නිදහස),14 (භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස) ව්‍යවස්ථා මගින් සහතික කර දී ඇති මූලික අයිතිවාසිකම් හදිසි අවස්ථා නියෝග මගින් සීමා කල හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව දක්වා සිටියි. එබැවින් හදිසි අවස්ථාව හැකි ඉක්මනින් සමාප්ත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට වඩාත් යහපත් වේ.