සොහොන කොල්ලකන වෑයම පරාදයි. අඹගමුව සභාපති ජනතාවට දණ නමයි

ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භුමියක් ඩෝසර් කර පස් පුරවා වෙළෙඳ සැල් කිහිපයක් ඉදි කිරිමට සැළසුම් කිරිමට අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගෙන තිබූ තීරණයකට එරෙහිව ගිනිගත්හේන රංජුව ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4 ක ජනතාව අඹගමුව ප්‍රාදේශිය සභාව වටලා උද්ඝෝෂනයක නිරත වූහ.අඹගමුව ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම එම සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැති අවස්ථාවේ රංජුව ප්‍රදේශවාසින් පෙළපාලියකින් සභාව ඉදිරිපිටට පැමිණ මෙම උද්ඝෝෂණය සිදු කළහ. අඹගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන්ගේ අනුමැතියක් නොමැතිව සභාවේ මුදල් වැයකරමින් රංජුරාව පොදු සුසාන භුමියේ තිබූ මිනි වළවල් ඩෝසර් කර පස් පුරවා එම ස්ථානය මිහිදන් උද්‍යානයක් බවට ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් සභාපතිවරයා වෙළෙඳ සැල් කිහිපයක් ඉදි කිරිමට සැළසුම්කර තිබෙන බව  උද්ඝෝෂකයෝ පැවසූහ.

රංජුරාව පොදු සුසාන භූමියේ මිහිදන් කළ සොහොන් බිම් පවා සොයා ගැනිමට නොහැකි ලෙස මහා විනාශයක් සිදුකර තිබෙන බවද ඔවුහූ කීහ.අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් රංජුව පොදු සුසාන භුමියේ පැළ රෝපණය කර මිහිදන් උද්‍යානයක් බවට ප්‍රතිසංස්කරණ කිරිමට පමණක් ලබා දි තිබු අනුමැතියෙන් සුසාන භුමියේ කොටසක් ඩොසර් කර පස් පුරවා වෙළෙඳ සැල් කිහිපයක් ඉදි කිරිමට සභාපතිවරයා සැලසුම් කර තිබෙන බවට චෝදනා කරමින් ගම්වැසියෝ උද්ඝෝෂණයේ නිරතවත්දී ඔවුන් හමුවට සභාපතිවරයා පැමිණිමත් සමග දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය. පොදු සුසාන භූමියේ කිසිදු වෙළෙඳ සැළක් ඉදි නොකරන බව මෙම අවස්ථාවේ සභාපතිවරයා පැවසුවේය.සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග උද්ඝෝෂනයේ නිරතව සිටි පිරිස විසිර ගියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *