සේනාධීපතිගේ බේගල් මාට්ටු, බිලියන දෙකක වන්දි නඩුවක්.
තමන් සමග අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පැවැත් වූ දුරකථන සංවාදයක් යැයි පවසා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව දන්වා ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය යළි සේවයේ පිහිටුවන ලෙසයි.
නිශ්ශංක සේනාධිපතිගේ ව්‍යාජ හඬපටය නිසා ඇය වැඩ තහනමට ලක් කර අනිවාර්ය නිවාඩු යැවීමට සළස්වා තිබුණි.
තමන්හට සිදු වූ අගතිය වෙනුවෙන් සේනාධිපතිගෙන් රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනු කරන බව ද ඊට පෙර එම මුදල තමන් හට ගෙවන්නැයි ද දන්වා ඇය දිල්රුක්ෂි ඩයස් මහත්මිය විසින් සේනාධිපතිට එන්තරවාසියක් යවා ඇත.
Sunday Times