සුරාබදු නිලධාරීන්ට පහරදුන් හඟුරන්කෙත මන්ත්‍රී අත්අඩංගුවට

 සුරාබදු නිලධාරීන්ට පහරදුන් හඟුරන්කෙත මන්ත්‍රී අත්අඩංගුවට

හඟුරන්කෙත ප්‍රදේශයේ වැටලීමකට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට ගිනි අවියක් පෙන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුවන් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. නිලධාරීන් එහි ගොස් තිබුණේ වෙනත් ප්‍රදේශවල වැඩි මිලට අලෙවිය සඳහා මත්පැන් අලෙවි සැළකින් මත්පැන් බෝතල් තොගයක් රහසිගතව පිටමං කිරීමේ සූදානමක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මතයි. අත්අඩංගුවට පත් පිරිස අතර හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හා හිටපු යුද හමුදා සෙබළෙකුද සිටිති.

මෙහිදී පහර දීමට ලක්වූ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු හඟුරන්කෙත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරුකර එවා ඇත.
මත්පැන් බෝතල් තොගයක් මෙලෙස රහසිගතව පිටමං කිරීමට යන බවට ලද තොරතුරක් මත අදාල ස්ථානය ඊයේ (22) රාත්‍රී 11.00 ට පමණ වැටලූ බවත් එම අවස්ථාවේ බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා පහරදී තිබෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මලවිපතිරණ මහතා පැවසීය.
එම අවස්ථාවේ අවට රැකවල් ලා සිටි සෙසු සුරාබදු නිලධාරීන් පැමිණීමත් සමඟ සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදි දෙකද අත්හැර පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ ඉන් එකක් ලියාපදිංචි කර නොතිබූ බවයි.
පලා ගිය සැකකරුවන් පොලිස් මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *