සුබ උපන්දිනයක් විරුවනි… කමාන්ඩෝ සෙබළෙකුගේ මතක

කමාන්ඩෝ රෙජිමෙන්තුවට අවුරුදු හතලිහක් පිරීමට ඇත්තේ තවත් පැය ගණනක් පමණය..
දියතලාව ඇල්ල කඳවුරේ මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව පැල කර මුල් දවසේ සිට …..එය මල් හට ගන්නා ගසක් දක්වා වූ කාල පරාසයක එහි ගුණ සුවඳ දරාගත් මට අද ඇති සතුට මේ අකුරු අහුරක හංගන්නට අපහසුය
මා දුකට සැපයට ඔරොත්තුදෙන ගල්ටික් මිනිසකු වූයේ කමාන්ඩෝ පුහුණුවෙනි…මා පමනක් නොවේ කමාන්ඩෝ රෙජිමෙන්තුව තුලින් හැඩ ගැහුන ….නිර්මාණය වූ යකඩ මිනිසුන් දහස් ගනනක් අද සමාජයේ විවිධ වෘත්තීය ක්ෂේත්රයන් හි සිටී……
කමාන්ඩෝ බලඝනයේ සිට රෙජිමෙන්තුව දක්වා වැඩී මවුබිම වෙනුවෙන් කැප වී කොමාන්ඩෝ භටයන්ගේ මෙහෙවර දායකත්වය මත වැටී ඇති යෝද සෙවනැල්ල කර්නල් සුනිල් දයාලන් සෙන්පතියාගේ බව මගේ විශ්වාසයයි
ඔහු මෙරට කමාන්ඩෝ වරුන්ගේ තාත්තාය… ඊයේත් අදත් හෙටත් කමාන්ඩෝ රෙජිමෙන්තුවට එක්වන හා එක්වූ මෙරුන් පැහැය හිස් වැසුම හිස රඳවාගන්නා සියළුම නිළයන් තාත්තා ලෙස සළකන්නේ මේ සෙන්පතියාය….
කමාන්ඩෝ භටයකු අනෙක් හමුදා සොල්දාදුන්ට වඩා අඩි දෙකක් උඩින් ගමන් කළ යුතුය….මේ කර්නල් පීරිස් ගේ මුවඟ නිතර රැඳුන නියෝගයයි…..ඒ ගොරෝසු හඬ එදවස අප අවදි කළ හඬයි…….
මවුබිම වෙනුවෙන් ඉටු විය යුතු තමන්ගේ විශිෂ්ට කාර්ය භාරය අකුරක් ඉලක්කමක් ඉසපිල්ලක් පාපිල්ලක් අඩු නැතුව ඉටු කළ මේ සෙන්පතියා …….අද නිහඩව විශ්‍රාම සුවයෙන් සිටී…..
එදවස යුද හමුදාවේ නැපෝලියන් ලෙස හැඳින් වූ මේ අපේ කමාන්ඩෝ තාත්තා……….තමන් වීරයෙක් බව රටට කියන්නට පොත් ලියා නැත්තේය….වේදිකා උඩ මොර දෙන්නේ නැත…මීඩියා වල කරණම් ගහන්නේ නැත ..නිහඩය……උපේක්ෂා සහගතය……එහෙත් තමන් පැල කළ කමාන්ඩෝ පැලය මහා වෘක්ෂයක්ව සිවු දිසාවේ සෙවන දෙමින් ජය හඬ නංවන රාවය ඔහු හදවතින් විඳින බව නම් නිසැකය…..
මේ විශිෂ්ට සෙන්පතියා ගැන අද මීඩියා කාරයන් නොදනී…
මෙරට පළමු කමාන්ඩෝ සෙන්පතියා ඔහුය මෙරට පළමු පැරචුට් හමුදා නිළධාරියාද …..ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්මලානේදී පැවති ප්‍රථම පැරචුට් සංදර්ශනයේදී මේ පොළොවට පා තැබූ පැරචුට් හමුදා නිළධාරියාද ඔහුය……
බ්‍රිතාන්‍ය විශේෂ සේවා රෙජිමෙන්තු පාඨමාලාව හැදෑරූ හතලිහකින් සමන්විත ශ්‍රී ලාංකික කමාන්ඩෝ භට කණ්ඩායමේ අංක එක ද ඔහුය…….
අද මීඩියා කාරයන්ට ඔහු ගැන පැවසූ විට අංඥ කොරොස්ය….ඒ එකෙකු මා හා තර්ක කෙරුවේ පළමු පැරචුට් කණ්ඩායම ගුවන් හමුදාවේ බව කියාය…..මෙරට මාධ්‍ය තුලින් වඳවී ගිය පත්තරයක් වූ ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදිනියකගෙන් මා එදවස ඉල්ලා සිටියේ මේ සෙන්පතියා ගැන විශේෂාංගයක් කරන ලෙසය…ඒ මාධ්‍යවේදිනිය ප්‍රධාන කර්තෘ වරයාට ඒ ඉල්ලීම ඉදිරිපත් කළාය…..
ඒකා පත්තරකාරයෙකුට වඩා මොළය ඉදිමුනු අබ්බ ගොබ්බයෙක් බව මට වටහා ගත්තේ අර මාධ්‍යවේදිනිය ඒ ගැන මා හට පැවසූ කතාවෙනි…
අයියෙ.. මං අර කර්නල් පීරිස් ගැන ආටිකල් එකක් කරමු කියල කිව්වම අපේ එඩිටර් ගනේමුල්ලට කෝල් එකක් අරගෙන ඉවරවෙලා මට කිව්වනේ එහෙම කර්නල් කෙනෙක් කමාන්ඩෝ එකේ ඉදල නෑ කියල….
මගේ කටේ නලියන්නට ගත් අම්බ කුණුහරුප මාධ්‍ය සහෝදරියට කියා වැඩක් නැති නිසා මම නිහඬ වීමි……..
ඒ එඩිටර් අමිහිරිය……කියා වැඩක් නැත….ඌ ගනේමුල්ල කමාන්ඩෝ කඳවුරට කතා කර සම්බන්ද වන්නට ඇත්තේ කඳවුරේ බට්ලර් කෙනෙකු වන්නට ඇත….බට්ලර් කෙනෙකු මිස උඩට පහලට හුස්ම ගන්නා කිසිදු කමාන්ඩෝ භටයෙකු කර්නල් සුනිල් පීරිස් ප්‍රතික්ශේප නොකරන්නේය……ඒ මන්ද යත් ඔහු කමාන්ඩෝ වරුන්ගේ යාවජීව ආදරණීය තාත්තා නිසාය…..
මේ උදාරතර සෙන්පතියා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් කිසි දිනක අමතක නොකලද මෙතෙක් සමාජයෙන් කිසිදු ඇගයීමකට ලක් වී නැතිවීම කණගාටුදායකය..
කමාන්ඩෝ රෙජිමේන්තුව අවුරුදු හතලිහ සපුරණ මේ හෝරාවේ අපි හැමගේ ආදරණීය කමාන්ඩෝ තාත්තාට නිදුක් නිරෝගී සුවය පතමු …..
ආවඩා …..ආවඩා………ආයුබෝවේවා………සර්…
මෙම ලිපිය ලොකුලියන කීර්ති විසින් ලියන ලද්දකි.