සිවිල් ඉංජිනේරුවාගේ කුඩු ජාවාරම අල්ලයි

ප්‍රසාද් පූර්ණමාල් – හලාවත

හලාවත සිවිල් ඉංජිනේරු වරයෙකු විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් වැටලීමට හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ .  19 පස්වරුවේ මේ වැටලීම සිදුකර ඇති අතර මෙහිදී රුපියල් ලක්ෂ හතලිහක පමණ වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු හා රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති මෝටර් රථයක් සමග හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත .

මේ ජාවාරම මෙහෙයවන ලද හලාවත මැදවත්ත ග්‍රාමයේ සිවිල් ඉංජිනේරුවරයෙකු පොලිසිය විසින් පසුගිය 17 වන දින මත්කුඩු සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පෙරේදා පස්වරුවේ  හිටපු හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත . මේ වන විට හෙරොයින් මත්කුඩු ග්‍රෑම්ස් 300 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ .

හලාවත කොධ්ධාශ භාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ , හලාවත සහකාර පොලිස් අධිකාරී රන්ජිත් විජේවර්ධන හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන  පොලිස් පරීක්ෂක ඊ .ඒ . ඩි. එස්  .එස්  ජි  එදිරිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රවය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ජිනදාස , පොලිස් සැරයන්වරුන් වන ජයරත්න 54636 , නිමල් 57615 ,ගුණරත්න 41402 , පොලිස් කොස්තපල්වරුන්වන  සාගර  68236 , වීරසේකර 96273 යන නිලධාරීන් මේ වැටලීම සිදුකර තිබේ .
සැකකරු හා භාණ්ඩ  හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.