සිරීපාදේ බුලත් විට තහනම්

 සිරීපාදේ බුලත් විට තහනම්

                                                                                             
ශ්‍රි පාද වන්දනාවේදී   නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා බුලත්විට අලෙවි කිරිම සහ බුලත් විට කැම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ. ඒ විකල්පයක් ලෙස ඔසුවිට නමින් හඳුන්වන නිෂ්පාදනයකට අවසර ලබා දෙමිනි. 

ශ්‍රි පාද පුදබිමේ බුලත්විට කා කෙළ ගැසිම සහ බුලත් විටවල දුම්කොළ සහ හුණු අඩංගු නිසා පිළිකා රෝග ඇති විමේ අවධානමක් පැවතිම හේතුවෙන් මේ පියවර ගත් බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසයි.

හඳුන්වා දී ඇති ඔසුවිට ආයුර්වේද ඖෂධ වර්ග ගණනාවකින් සමන්විත බව පැවසෙන අතර රුපියල් 50 ක මිළකට අලෙවි කෙරේ.  ඒවා  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ දෙපස වෙළඳසැල්වල අලෙවි කරන බවයි ශ්‍රි පාද වන්දනාකරුවන් කියා සිටින්නේ. කෙසේ වෙතත්, ශ්‍රි පාද වන්දනා සමයේදි බුලත් විට අලෙවි කර  ජීවත් වන ප්‍රදේශවාසින්  මේ තහනම  නිසා  ආර්ථික  ගැටළු රැසකට මැදි ව සිටින බවද ඒ අතර වාර්තා වේ.

මේ සම්බන්ධව නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක  ජි.ජි.එච්.එස්.ගෝදා පතිරණ මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ, බුලත් විට හේතුවෙන්  පිළිකා රෝග ඇතිවීමේ අවධානමක් පවතින නිසාත් , බුලත් කෙළ  ගැසීමෙන් පරිසරය අපිරිසිදු වන බැවිනුත්   මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි බුලත් විට අලෙවි කිරිම සහ බුලත් විට කැම සම්පුර්ණයෙන්ම තහනම් කළ බවයි.

විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති ඔසුවිට කැමෙන් පසු කෙළ  ගැසිමක් සිදු නොකරන බවත්, එය සිරුරට අහිතකර නොවන බවත් ඔහු පැවසූ ඔහු ආයුර්වේද වෛද්‍ය්‍ය  පර්යේෂණ ආයතනය මගින් ඔසුවිට ලියාපදිංචි කර ඇති බවත්,එහි සාම්පලයක් රජයේ අන්තරාදායක ඖෂධ පාලකවරයාට සහ රජයේ රස පරික්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනිමට කටයුතු කර ඇති බවද කියා සිටියේය. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා පෙන්වා දෙන්නේ ආදායම් අහිමි වූ බුලත් විට වෙළෙඳුන්ට ඔසු විට අලෙවි කළ හැකි බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *