සියදිවි හානිකර ගැනීම් වැඩි විශ්වවිද්‍යාල පරිසරය නිසා

විශ්වවිද්‍යාල පරිසරයේ පවතින පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම් සදහා යොමුවන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය.
සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය වැඩිවන ආකාරයට වීම ඊට හේතුව බව ද හෙතෙම කීය.
මෙලෙස ඇති වෙන පීඩනය සමග විශාදය වැනි තත්වයන් සහ ආවේගශීලීත්වය හේතුවෙන් ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු වන බව ද ඔහු සදහන් කළේය.
රටේ පවතින ආර්ථික පීඩනය සහ විශ්වවිද්‍යාල වල පවතින නවකවදය වැනි හේතුද මේ තත්වය උත්සන්න කළ හැකි බව ඔහු අදහසයි.
මේ තත්ත්වයට විසදුමක් සොයා ගැනීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් දරුවන්ගේ ජීවිත අවධානමක පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.