සාර්ස් පරදා කොරෝනා පෙරට

චීන ප්‍රධාන භූමියේ කොරෝනා වයිරස් ආසාදනය තහවුරු වූ අවස්ථා ගණන මීට වසර 17 කට පෙර SARS රෝගය වාර්තා වූ අවස්ථාවේ, තහවුරු වූ SARS රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ඇත. එහෙත් කලබල වීමට අවශ්‍යතාවයක් නොමැති බව චීන සෞඛ්‍ය විශේෂඥයන් පවසන බව චයිනා ඩේලි සඳහන් කරයි. SARS හා සසඳන කල නව කොරෝනා හේතුවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව අඩුය. එහෙත් කොරෝනා ව්‍යාප්තිය වේගවත්ය. පිළියම් ලෙස සීමාවන්ට ලක් කළ වූහාන් ඇතුළු නගරවලට පහසුකම් ලබාදීමට වැඩපිළිවෙල සැකසෙමින් පවතින අතර නව රෝහල් ඉක්මනින් විවෘත කෙරෙනු ඇත.

වූහාන් සිට සැතපුම් 50ක් එපිට ඉදිකරන රෝහලක් ගුවනින් නිරීක්ෂණය කළ විට එහි රෝගීන් වෙනුවෙන් ඇඳන් ගණනාවක් යෙදවිය හැකි පර්යන්ත ඉදිකර අවසන් බව දැනගන්නට ලැබුණි. කෙසේවෙතත් මේ වනවිට වාර්තා වන රෝගීන් ගණන 7700 ඉක්මවා ඇත.
ඒ අතර ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ පවසන්නේ විලාසිතාවට මුව ආවරණ පැළඳීමට කලබල නොවිය යුතු අතර අවශ්‍ය හා නියමිත ක්‍රියාමාර්ග ගැනීමට රජය ක්‍රියා කරන බවයි.
චීනයේ වූහාන් හී සිටින ලාංකික සිසුන් චීන රජයේ උපකාරය ඇතිව ගෙන්වා ගැනීමට සාකච්ඡා සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා පවසන්නේ වූහාන් වෙත ගුවන් යානාවක් ගොඩ බැස්සවීමට චීන රජය සූදානම් බවයි. මෙරටදී හමු වූ ආසාදිත චීන කත හැර වෙනත් රෝගියෙකු තවමත් හමු වී නැත. සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන ව්‍යාජ තොරතුරුවලට නොරැවටී කිසියම් සැකයක් ඇත්නම් රජයේ රෝහල් කරා යොමුවන මෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටී.