සාකච්ඡා මොකටද අපි තමයි යූ.එන්.පී – මුජිබර්

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර අනාගත දේශපාලන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළව ඇති අදහස් මිස එවැන්නක් සත්‍ය වශයෙන්ම සිදුවීම සඳහා සූදානමක් දැනට නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් හඳුන්වා දෙමින් ඔහු වටා රැඳී සිටි පිරිස නිසි කලට නිසි තීන්දුව ගත්තේ නම් ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දීමට සිදු නොවන බව පැවසූ මුජිබර් රහ්මාන් කෙටි කාලයක් තුළ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ලැබූ ප්‍රගතිය සතුටුදායක බවද පෙන්වා දුන්නේය.

“කොළඹ කියන්නෙ එජාප බලකොටුවක්. එහෙම වෙලත් මං අනාවැකියක් කිව්වා කොළඹින් රනිල් මහත්තයාගෙ යූඇන්පි යට එන්නෙ එක ආසනයයි කියලා. අන්තිමේ බලද්දි එකක්වත් නැහැ. මටත් වැරදුණා” යැයි පවසන මුජිබර් රහ්මාන්, එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණම ඉතාම කනගාටුදායක බවද රනිල් ඇතුළු පිරිස ඊට වගකිව යුතු බවද පැවසුවේය.

“දැන් කරන්න තියෙන්නෙ සමගි ජන බලවේගය එක්ක සාකච්ඡා කරනවා කියල වැලපෙන එක නෙවෙයි. පාක්ෂිකයො ඡන්දෙදි තීන්දුව දුන්න⁣ පක්ෂය කාගෙද කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාසට නායකත්වය දීලා පක්ෂය භාර දීලා ඒ අභිමානවත් පක්ෂය නඟා සිටුවන එක තමයි කරන්න ඕන” යනුවෙන්ද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සඳහන් කළේ, වසර පහකින් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමේ අභිලාෂය මිස ගොඩනැගිලි දේපල හිමිකරුවන් වීමේ වුවමනාවක් සජිත් ඇතුළු තම පිරිසට නැති  බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *